Thursday, July 16, 2026
HomeNEWSඑදා ජවිපෙ විපක්ෂයේ ඉන්නකොට වැඩ වර්ජන කරලා රට අරාජික කළා-මුජිබර්.

එදා ජවිපෙ විපක්ෂයේ ඉන්නකොට වැඩ වර්ජන කරලා රට අරාජික කළා-මුජිබර්.

සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ අද (23) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාය.ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවැසීය.‘‘ජනාධිපතිවරයා අයවැය විවාදයෙන් පසුව සිදුකළ කතාවේදී විවිධ අදහස් කිහිපයක් ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා අයවැය විවාදයෙන් පසුව සිදුකළ කතාවේදී අලුත් දෙයක් ඉදිරිපත් කළේ නෑ. දේශපාලන වේදිකාවල කරපු කතා ටිකම තමයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදීත් පසුගියදා සිදුකළේ. ජනාධිපතිවරයාගේ කතාව දෙස බැලුවාහම ජනාධිපතිවරයා විශාල පිඩනයකින් සිටින බවක් අපට පෙනෙන්න තිබෙනවා. ඒ පිඩිනයෙන් ගැලවෙන්න තමයි ජනාධිපතිවරයා ලොකු කතාවක් පාර්ලිමේන්තුවේදී සිදුකළේ. ඒ කතාවේදී විපක්ෂය නැගු චෝදනා වලට පිලිතුරු ලබාදුන්නේ නෑ. ජනාධිපතිවරයා සුපුරුදු පරිදි මැතිවරණ වේදිකාවලදි සිදුකළ කතාවක් ලෙස පාර්ලිමේන්තුවේදී කතාව පැවැත්වුවා. ආදායම් මාර්ග පිලිබඳව , අයවැය හිගය පියවන්න හදන ක්‍රමවේදය පිලිබඳව , අයවැය තුළින් ලබාදි තිබෙන පොරොන්දු ඉටු කරගන්නා ආකාරය පිලිබඳව ජනාධිපතිවරයාගේ පිලිතුරු කතාව තුල කිසිවක් සදහන් කළේ නෑ.ඒ වගේම ජනාධිපතිවරයා කිව්වා වැටිච්ච රටක් භාර ගත්තා කියලා. නමුත් රට වැටුණු නෑ. රට ඉස්සරට යන්න නොදි රට වට්ටන්න කටයුතු කළේ ජනතා විමුක්ති පෙරමුණ. රටේ ආර්ථිකය ඉදිරියට යන්න නොදි නතර කළේ ජනතා විමුක්ති පෙරමුණ. ආයෝජකයන්ට එන්න එපා කියලා උද්ඝෝෂනය කළේ , පාරවල් වහාගෙන විරෝධතා උද්ඝෝෂණ පැවැත්වුවේ ජනතා විමුක්ති පෙරමුණ. පෞද්ගලික විශ්ව විද්‍යාල එපා කියලා දැවැන්ත උද්ඝෝෂණ සිදුකරලා විශ්වවිද්‍යාල සිසුන් පාරට බස්සලා ඔවුන්ගේ ආනාගතය විනාශ කළේ ඒවාට දායකත්වය දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ. විදුලි බලාගාර හදන්න යද්ද ඒවා හදන්න එපා කියලා උසාවි තින්දු අරගෙන ලංකාවේ විදුලිය පිටරටට විකුණන්න උත්සහ කරනා කියලා. ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කරලා විශාල කැරලි කෝලාහල ඇති කරලා රටේ ඉදිරිගමන සම්පුර්ණයෙන්ම අකර්මන්‍ය කළේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ වගේම අධිවේගි මාර්ග රටට එපා කියලා කිව්වා. නමුත් ජනාධිපතිවරයා දැන් කියනවා කඩවත මිරිගම අධිවේගි මාර්ගය නිර්මාණය කරනවා කියලා. මේ සියල්ල කරලා දැන් කියනවා වැටිච්ච රටක් ගත්තේ කියලා. 2024 ජනාධිපතිවරණයට නාම යෝජනා භාර දුන්න දවසේ දේශපාලනය ආරම්භ කරපු දවසේ ජනාධිපතිවරයා දේශපාලනයට පිවිසුනා වගේ තමයි කතා කරන්නේ. ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසය පුරා රට ඉස්සරට යන්න නොදි මොන තරම් දේවල් කළාද කියලා ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය නොදුන්න පිරිස දන්නවා. ඒ වගේම ආණ්ඩුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට දිගින් දිගටම චෝදනා කරනවා. මහින්ද රාජපක්ෂව බලයට ගෙන්න ප්‍රධාන කොටස්කරුවෙක් වුණේ ජනතා වික්ති පෙරණයි. රාජපක්ෂලා බලයට ගෙනල්ලා , රාජපක්ෂලාට තිබුණ චෝදනා ගැන කිසිදු තැකිමක් නොකර මහින්ද රාජපක්ෂ බලයට ගෙනල්ලා පවුල් දේශපාලනය රට තුළ ඇතිකරලා , දුෂිත දේශපාලන සංස්කෘතියක් රට තුළ ඇති කරන්න පෙරගමන්කරුවන් වුණේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිස. රාජපක්ෂ පෙරහරේ හිටපු කස කාරයෝ තමයි ජනතා විමුක්ති පෙරමුණ. ඒ වැඩසටහනේ දිගුවක් ලෙස තමයි 2020 ගෝඨාභය රාජපක්ෂ බලයට ආවේ. ජනතා විමුක්ති පෙරමුණ 2005 ඒ වැරැද්ද නොකර හිටියානම් නාමල් රාජපක්ෂට අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවට යන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඒ වරද්ද කරලා ඉවර වෙලා අපිට දැන් කියනවා වෙච්ච විනාශය ගැන. අනුර දිසානායක ජනාධිපතිවරයා කියන්න ඕන ඔවුන් පත් කරපු ජනතාධිපතිවරයා නිසා තමයි රටට මේ තරම් විනාශයක් වුණේ කියලා. අනුර දිසානායක ජනාධිපතිවරයා හැම දේම ඇග බේරගෙන තමයි කරන්නේ. ඔවුන් කරපු පාප කර්ම සියල්ල අමතක කරලා තමයි දැන් ජනාධිපතිවරයා කතා කරන්නේ. ඒ නිසා ඒ්වා නිවැරදි විය යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ 2005 මහින්ද රාජපක්ෂව බලයට ගෙනැවිත් කරපු විනාශයට සමස්ත රටෙන්ම සමාජ ගත යුතුයි.ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මරඋගුලක් කියලා ජනතා විමුක්ති පෙරමුණ කිව්වා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සම්බන්ධ වුණ කිසිදු රටක් ගොඩ ගිහින් නොමැති බව අනුර දිසානායක ජනාධිපතිවරයා බලට ලබාගන්න පෙර කිව්වා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉවත් වෙන්න කියලා පිරිසක් කියන බවත් ඒ මර උගුලට අපි හසු වෙන්නේ නැති බව ජනාධිපතිවරයා පෙරේදා පාර්ලිමේන්තුවේදි කියනවා.ඒ වගේම ජනාධිපතිවරයා කියනවා ආයෝජකයන් රටට එනවා සංචාරකයින් රටට එනවා කියලා. ඔවුන් තමයි විපක්ෂයේ සිටින කාලයේ සංචාරකයන්ගේ පැමිණිම කඩාකප්පල් කරන්න , ආයෝජකයන් එන එක කඩාකප්පල් කරන්න කටයුතු කළේ. නමුත් අපි විපක්ෂයේ ඉන්න විට එවැනි කටයුතු කළේ නැ. ඒ නිසා තමයි සංචාරකයෝ ආයෝජකයෝ එන්නේ. මේ රටට හානි වන කිසිදු දේශපාලන ක්‍රියාකාරකමක් අපි සිදුකළේ නෑ. අපිට එවැනි කුහක මානසිකත්වයක් නෑ. ඔවුන් කරපු කුහකකම් අපි කළේ නෑ. ජනතාවට වගකියන පක්ෂයක් ලෙස රට ගොඩ ගැනිමට රට ආරක්ෂා කර ගැනිමට අපිට වගකිමක් තිබෙනවා. අපි ආර්ථිකය කඩාකප්පල් කරපු කිසිදු දෙයකට අපි කටයුතු කළේ නෑ. ඔවුන් විපක්ෂයේ සිටින විට හැමදාම රටේ කොහේ හෝ උද්ඝෝෂණයක්. අනුර දිසානායක ජානාධිපතිවරයා විපක්ෂයේ හිදිමින් රට වට්ටන්න කරපු වැඩ අපි කරන්නේ නෑ. අපි ආණ්ඩු බලය ගත්තේ නැති නැති වුණත් අපිට රටේ ජනතාට වටිනවා. ජනතාව ඉස්සරහට දාගෙන බලය ලබාගැනිමේ ක්‍රියාදාමවලට අපි ගමන් කරන්නේ නෑ. නමුත් ජනාධිපතිවරයා මැරිලා ඉපදුනා වගේ තමයි කතා කරන්නේ. ඒ වගේම ඉන්දියානු අගමැතිවරයා සාම්පුර් බලාගාරයට මුල්ගල තියන්න ලංකාවට එනවා. සාම්පුර් බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කරන්න ගියේ 2016. ඒ ව්‍යාපෘතිය කරන්න දුන්නේ නෑ. ජනතා විමුක්ති පෙරමුණ උසාවි ගිහිල්ලා මෛත්‍රිපාල සිරිසේන මහත්තයා එක්ක එකතු වෙලා සාම්පුර් ව්‍යාපෘතිය 2016 නවතා දැමුවා. ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණානම් මේ වනවට වසර 8 ක් වෙනවා. අනුර දිසානායකගේ කනෙන් අල්ලගෙන ඇවිත් මෝඩි ජනාධිපතිවරයා අද සාම්පුර් බලාගාරයේ මුල්ගල තියන්න කටයුතු කරන තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. 2016 අනුර දිසානායක නවත්වපු ව්‍යාපෘතියට තමයි අනුර දිසානායන නැවත මුදල් ගල තියන්න යන්නේ. ජනතා විමුක්ති පෙරමුණ නවත්වපු සියලුම සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කරන්න අනුර දිසානායකට සිද්ද වෙලා තිබෙනවා. ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඥාති සම්බන්ධතා නෑ කියලා. පාර්ලිමේන්තුවේ මම දන්න ඉතිහාසය තුළ නෝනයි මහත්තයයි මන්ත්‍රීවරු වෙලා හිටියේ නෑ. ආණ්ඩුව පාර්ලිමේන්තුවට නෝනයි මහත්තය ගෙනල්ලා තියෙනවා. ඒ වගේම තාත්තයි පුතාවයි පාර්ලිමේන්තුවට. මේවා ඥාති සංග්‍රහයවල් නෙවෙයිද. ඒවගේම ආණ්ඩුව කවුරුත් නොකරපු දේකුත් කරලා තියෙනවා. පෙම්වතා සහ පෙම්වතිය වත් පාර්ලිමේන්තුවට ගේන්න ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා. ඒක කවුරුත් නොකරපු දෙයක්. ඒ වගේම ජාතික ජන බලවේගයෙන් ඡන්දේ ඉල්ලලා පරාජය වුණ කෙනෙක්ට තානාපති ධූරයක් දීලා තියෙනවා. ඒ වගේම ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ම න්නාරම සුළං විදුලි බලාගාරය තමන්ගේ ළඟම හිතවතෙකුට ලබා දුන්නා. ඒවගේම සතුට ආයතනයේ විගණන වාර්තා පරීක්ෂණ ටෙන්ඩරය ජනාධිපතිවරයාගේ උපදේශකවරයකුට ලබා දීලා තිබෙනවා. ඔය පුටුවෙ හිටපු කලින් ජනාධිපතිවරුත් කලේ ඔය ටිකම තමයි. ජනාධිපතිවරයා ඔහුගේ පෞද්ගලික වියදම් අඩු කරගෙන තිබෙනවා. නමුත් ක්‍රමයේ වෙනසක් ඇති කරන්න අනුර දිසානායක ජනාධිපතිවරයාට නොහැකි වෙලා තිබෙනවා. ජනාධිපතිවරයාගේ වියදම අඩුකිරීම පමණක් නෙවෙයි ක්‍රමයේ වෙනසක් ඇති කරනවා කියලා කියන්නේ. තමන් කරන කියන දේවල් තුළ විනිවිද භාවයක් තිබිය යුතුයි. නමුත් ජනාධිපතිවරයාගේ කිසිදු කටයුත්තක එවැනි දෙයක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම ජනාධිපතිවරයා සමග විශ්වවිද්‍යාලයේ එකට කටයුතු කළ පුද්ගලයාට ලේකම් ධූරය පිරිනමා තිබෙනවා. මේව තමයි ඥාති සංග්‍රහයවල් කියන්න. මේක තමයි සියලුම ජනාධිපතිවරු සිදු කළේ. ඒ නිසා තවත් ජනතාව අන්දන්න සූදානම් වෙන්න එපා. ජනතාව ඇන්ඳිල්ලේ සීමාවක් තිබිය යුතුයි. පෙර පැවැති ආණ්ඩු ගෙන ආ ක්‍රමයම තමයි වර්තමාන ජනාධිපතිවරයාත් ඉදිරියට ගෙන යන්නේ. ඒ නිසා ඥාති සංග්‍රහයවල් නෑ කියලා බොරු ප්‍රකාශ කරන්න එපා කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මන්නාරම සුළං විදුලි බලාගාරය ටෙන්ඩර් ක්‍රියා පටිපාටියෙන් බැහැරව ජනාධිපතිවරයාගේ හිතවතෙකුට ලබා දී තිබෙනවා. නමුත් ඒ ටෙන්ඩරය ලබා දුන්නේ අඩුම ලංසුවට බව ජනාධිපතිවරයා ප්‍රකාශකාශ කළා. ටින්ඩර් එකක් ලබාදීමේදී බලන එකම සුදුසුකම අඩුම ලන්සුව නෙවෙයි. අඩුම ලන්සුවට දෙනවනම් එය වෙන්දේසි කළයුතුයි. එහෙනම් ටෙන්ඩර් අවශ්‍ය වෙන්නේ නෑ. පසුගියදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනවා ඒ ටෙන්ඩරය ලබා දුන්නේ ඇපිල් බොඩ් එකෙන් කියලා. ඒකත් බොරුවක්. ඇපිල්බෝඩ් එක කියනවා මේ ටෙන්ඩරය ලබාදීමට අවශ්‍ය වූ මූලික කරුණු කාරණා අදාළ පුද්ගලයින් විසින් සපුරා නැති බව. කැබිනට් එකේ අනුකමිටුවක් තමයි මේ ටෙන්ඩරය මේ සමාගමට දෙන්න කියලා කැබිනට් මණ්ඩලයට යෝජනා කරලා තිබෙන්නේ. කැබිනට් එකේ බලපෑම මත එම කැබිනට් අනුකමිටුව මෙම සමාගමට මන්නාරම සුළං ඉදිරි බලාගාර ටෙන්ඩරය ලබා දෙන්න කියලා බලපෑම් කරල තිබෙනවා. ජනාධිපතිවරයාට කවුරුන් හෝ වැරදි උපදෙස් ලබා දෙනවා. ඒ ලණු කාල ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී සහ පිටතදී අපහසුතාවයට පත්වෙනවා. ඒවා ජනාධිපතිවරයාගේ තත්ත්වයට සුදුසු නැහැ. රටේ ජනතාව විශාල බලාපොරොත්තු ප්‍රමාණයක් තියාගෙන තමයි ජාතික ජන බලවේගයට බලය ලබා දුන්නේ. ජාතික ජන බලවේගය රටේ විශාල පරිවර්තනයක් සිදුකරයි කියලා ජනතාව බලාපොරොත්තු වුණා. ආර්ථික වශයෙන් සහ දේශපාලන වශයෙන් ශක්තිමත් රටක් ගොඩනැගීමට වර්තමාන ආණ්ඩුවට හැකියාව තිබෙන බව ජනතාව විශ්වාස කළා. ඒ වගේම රටේ සමාජ සදාචාරයක් ගොඩනැගීමට වර්තමාන ආණ්ඩුවට හැකියාව තිබෙන බව ජනතාව විශ්වාස කළා. නමුත් ජනතාවගේ ඒ සියලු විශ්වාසයන් අද බිඳ වැටී තිබෙනවා. ඒ වගේම නීතියේ ආධිපතිය අද දෙදරා ගොස් තිබෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණ පොරොන්දුත් එකින් එක හැලෙමින් පවතිනවා. ඒ නිසා ජනාධිපතිවරයාට ඉදිරියේදීවත් වැරදි නිවැරදිකරගෙන ගමන් කරන්න කියලා ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img