මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (02) දිනය තුළදී පුද්ගලයින් 250,000කට ආසන්න සංඛ්‍යාවකට එන්නත් ලබාදී ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය.
ඊයේ දිනය තුළ කොවිෂීල්ඩ්, සයිනොෆාම්, ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
ඒ අනුව පුද්ගලයින් 244,463 දෙනෙකුට ඊයේ දිනය තුළ කොවිඩ්-19 මර්දන එන්නත් ලබාදී ඇති බව වාර්තා වෙයි.
සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 207,087 දෙනෙකුටත්, පළමු මාත්‍රාව 24,658 දෙනෙකුටත්, ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 7,573 දෙනෙකුටත්, දෙවන මාත්‍රාව 587 දෙනෙකුටත් මෙලෙස ලබාදී තිබුණි.
කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 3,055 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 296 දෙනෙකුටත් ලබාදී ඇති බව සඳහන් විය.
එමෙන්ම මොඩර්නා එන්නතේ දෙවන මාත්‍රාව 270 දෙනෙකුට සහ පළමු මාත්‍රාව 237 දෙනෙකුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
ඊයේ වෙනවිට එන්නත් ලබාදුන් සම්පූර්ණ පිරිස පිළිබඳ දත්ත පහත දැක්වෙයි.
https://disqus.com/recommendations/?base=default&f=adaderanasinhala&t_i=adaderanasinhala157159&t_u=http%3A%2F%2Fsinhala.adaderana.lk%2Fnews%2F157159%2F%25E0%25B6%2591%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%25B1%25E0%25B6%25AD%25E0%25B7%258A%25E0%25B6%259A%25E0%25B6%25BB%25E0%25B6%25AB%25E0%25B6%25BA%25E0%25B7%259A-%25E0%25B6%25B4%25E0%25B7%258A%25E2%2580%258D%25E0%25B6%25BB%25E0%25B6%259C%25E0%25B6%25AD%25E0%25B7%2592%25E0%25B6%25BA&t_e=%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%92%E0%B6%BA&t_d=%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%92%E0%B6%BA&t_t=%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%92%E0%B6%BA#version=064141e2948b0e7f6218d4075662ea80