Wednesday, November 11, 2026
HomeNEWSඑන්නත්කරණ මධ්‍යස්ථානයේ වෛද්‍යවරයෙකුගෙන් තරුණ තරුණියන්ට ප්‍රසාදය

එන්නත්කරණ මධ්‍යස්ථානයේ වෛද්‍යවරයෙකුගෙන් තරුණ තරුණියන්ට ප්‍රසාදය

වයස අවුරුදු 20ත් 29ත් දක්වා වන වයස් කාණ්ඩවල පසුවන්නන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම බස්නාහිර පළාතේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ අද (06) ආරම්භ කර තිබුණි.

ඒ අනුව මත්තේගොඩ  ප්‍රදේශයේ පැවති එන්නත්කරණ වැඩසටහනේදී කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පත්මරාජ මහතා තරුණ තරුණියන් අමතා සඳහන් කළේ වැඩිහිටියන් තුළින් නොදැකපු විනයක් තරුණ ප්‍රජාව තුළින් අද දිනයේ දැකගන්නට හැකිවූ බවය. 

“විශාල පිරිසක් එන්නත්කරණයට ආවත් අද.. මෙතන නිකං භාවනා මධ්‍යස්ථානයක් වගේ. කිසිම ශබ්දයක් නෑ. පෝලිම් පැනිල්ලක් නෑ. පුදුම ඉවසීමක් තිබුණේ. මේ ඉවසීම, හැසිරීම, විනය වැඩිහිටියන් තුළින් අපි දැක්කේ නෑ. ඒ නිසා මම හරි ආඩම්බර වෙනවා.. හරි සතුටු වෙනවා තරුණ ඔය පිරිස ගැන. තරුණ ඔයාලා බොහොම ලස්සනට විනය ගරුකව හැසිරුණා. මේක දිගටම රැකගන්න.”

අදාල දිස්ත්‍රික්කවල පදිංචි පුද්ගලයින් සඳහා පමණක් මෙහිදී එන්නත්කරණ කටයුතු සිදු කෙරේ.

බස්නාහිර පළාත තුළ වාසය කරන වයස අවුරුදු 20ත් 29ත් අතර ලක්ෂ 07කට අධික ජනගහණය සඳහා කොවිඩ් මර්දන එන්නත සතියක කාලයක් තුළ ලබාදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය පැවසුවාය.

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව මේවනවිට මෙරට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 01 කෝටි 27 ලක්ෂ 29,601කි.

මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 91 ඉක්මවා තිබේ.

ඊයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 3,308කි.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 462,767ක් දක්වා ඉහළගොස් ඇත.

කොවිඩ් ආසාදිතයින් 68,070 දෙනෙකු තවදුරටත් ආසාදිත තත්ත්වයේ පසුවන අතර සමස්ත ආසාදිතයින්ගෙන් 384,557 දෙනෙකු ප්‍රතිකාර හා නිරෝධායන කාලසීමාව අවසන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img