Tuesday, October 27, 2026
HomeNEWSLatest Newsඑරාවූර්හි රෙදිපිළි නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තපුරය

එරාවූර්හි රෙදිපිළි නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තපුරය

එරාවූර්හි රෙදිපිළි නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තපුරය

මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවට යළි පණ දුන්නා සේම එරාවූර් ප්‍රදේශයේ  රෙදිපිළි නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තපුරයක් ඇරඹීමෙන් ද ගෝඨාභය රාජපක්ෂ ජනපතිදුන්ගේ සෞභාග්‍යයේ දැක්මට අනුව යමින් සිදුකෙරෙන නැගෙනහිර ප්‍රදේශයේ රැකියා බහුල වාතාවරණයක් ඇති කිරීම වේගවත් වනු ඇති බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ අද (25) එරාවූර් චෙන්කලඩි ප්‍රදේශයේ රෙදිපිළි නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තපුරයත් ඇරැඹීමේ ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා “මඩකළපුව දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ රෙදිපිළි නිෂ්පාදන සඳහා විශේෂිත වූ කර්මාන්ත පුරයත් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දිගු කලක් තිස්සේ කටයුතු කරමින් සිටිනවා. නමුත් එය ප්‍රායෝගික දුෂ්කරතා රැසක් නිසා මෙතෙක් ක්‍රියාත්මක කිරීමට ලැබුනේ නැහැ. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ අනුව යමින් මඩකලපුව දිස්ත්‍රික්කයේ වියාලේන්ද්‍රන් ඇමැතිතුමන් ඇතුළු දේශපාලන නායකත්වය සිදු කළ ඉල්ලීම අනුව මෙම ව්‍යාපෘතිය ඉතා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව මෙම විශේෂිත කර්මාන්තපුරය ස්ථාපිත කිරීම සදහා වන යටිතල පහසුකම් වෙනුවෙන් මේ වසරට අප අමාත්‍යාංශයට රුපියල් මිලියන 750 ක් ලබා දී තිබෙනවා එම මුදල් මෙම කලාපයේ මාර්ග නවීකරණය, ජල විදුලි පහසුකම් වෙනුවෙන් වැය කිරීමට නියමිතයි. ඒ පිළිබඳව අද අදාළ නිලධාරීන් සමඟ වාලච්චේන කඩදාසි කම්හල් පරිශ්‍රයේදී විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතයි මෙම විශේෂ කර්මාන්ත පුරයට ඉතාම කඩිනමින් එම යටිතල පහසුකම් ලබාදුන් පසුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සූදානමින් ඉන්නවා, රෙදිපිළි නිෂ්පාදනයට අදාළ කර්මාන්තකරුවන් සමග මෙම කර්මාන්ත පුරය ඇරඹීමට.

මෙම කර්මාන්ත පුරය ඇරඹීමත් සමගම පළමු අදියරේ දී මඩකලපු දිස්ත්‍රික්කයේ මෙම එරාවුර් ප්‍රදේශයේ දහසකට අධික තරුණ තරුණියන් පිරිසකට සෘජු රැකියා අවස්ථාවන් නිර්මාණය වෙනවා. යුද්ධයෙන් පසුව මහින්ද රාජපක්ෂ පාලනය තුළ මේ ප්‍රදේශවල යටිතල පහසුකම් වල සීග්‍ර සංවර්ධනයක් සිදු කළ හැකි වුණා. අද මෙම ප්‍රදේශවල කර්මාන්ත ස්ථාපිත කරලා, රැකියා බහුල වාතාවරණයක් ඇති කිරීමට වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ පාලනය කටයුතු කරමින් සිටිනවා.

නැගෙනහිර ප්‍රදේශය තුළ මෙසේ වාලච්චේන කඩදාසි කම්හල යළි පණගැන්වීම මෙන්ම මෙම කර්මාන්තපුරය අරඹමින් ද උතුරු ප්‍රදේශයේ අලිමංකඩ ලුණු ලේවාය ආශ්‍රිත කර්මාන්ත ශාලාව පණ ගන්වමින්, ඔඩ්ඩුසුඩාන් හි උළු කර්මාන්ත ශාලාවත්  පරන්තන්හි රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්තපුරයක් අරඹමින් ද අපේ පාලනය උතුරු – නැගෙනහිර රැකියා විරහිතභාවයට කඩිනම් විසඳුම් ලබා දෙමින් සිටින බව ද පැවසිය යුතුව තිබෙනවා.” යනුවෙන් සඳහන් කළේය.

මෙම අවස්ථාවට අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි මහතා, කර්මාන්ත අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...

ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු ලබන 12 වෙනිදා හෙළි කරනවා-පාඨලී

*ගිවිසුමට සම්පුර්ණයෙන්ම පටහැනිව, වාරකන් සමයේ, අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකේ වගකීමක් මට නෑ..වගකීම තියෙන්නේ ලංකා ගල් අඟුරු සමාගමට හා නැව් සංස්ථාවට...

ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 180,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු ග්‍රාමීය සංවර්ධන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img