Wednesday, November 11, 2026
HomeNEWSඔබේ දරුවා ට කොවිඩ් මර්දන එන්නත ලැබෙන්නේ මෙහෙමයි

ඔබේ දරුවා ට කොවිඩ් මර්දන එන්නත ලැබෙන්නේ මෙහෙමයි

වයස අවුරුදු 12 ට වැඩි ළමුන් සඳහා කොවිඩ් එන්නත් ලබාදීම අදියර 03ක් යටතේ සිදුකිරීමට සැලසුම්කර ඇති බව ළමා රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනය පවසයි.

එහි සාමාජික ළමා රෝග විශේෂඥ වෛද්‍ය ආර්. එම්. සුරන්ත පෙරේරා මහතා සඳහන් කළේ එහි පළමු අදියර ලෙස නිධන්ගත රෝග සහිත දරුවන් සඳහා එන්නත් ලබාදීමට නියමිත බවය.

සැප්තැම්බර් මස අවසාන සතියේ සිට ඔවුන් සඳහා එන්නත්කරණය ආරම්භකරන බව වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා සඳහන් කළේය.

ළමුන් සඳහා මේ වන විට ෆයිසර් එන්නත පමණක් ලබාදීමට තීරණය කර ඇති බව ද වෛද්‍ය ආර්. එම්. සුරන්ත පෙරේරා මහතා පැවසීය.

“පළමු අදියරයේ දී අපි මේ එන්නත දෙන්න බලාපොරොත්තුවෙන්නේ සංකූලතා තියෙන ළමුන්ට. දෙවන අදියරයේ දී උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට. තුන්වෙනි අවස්ථාවේ දී හැමදෙනාම එකඟවෙනවා නම් ඉතිරිවෙන ළමුන්ට විශේෂයෙන්ම වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට දෙන්න.  ඒ වගේම සංකූලතා තියෙන දරුවන්ට සැප්තැම්බර් මස අග එන්නත ලබාදීමට නියමිතයි.  දෙමාපියන්ගෙන් ඉල්ලන්නේ වයස අවුරුදු 12ට වැඩි ඔබේ දරුවාට යම් නිධන්ගත රෝගයක් තිබේනම් ප්‍රතිශක්තිකරණයේ අඩුවන රෝග ලක්ෂණ තිබේ නම් මෙම සියලු කණ්ඩායම්වලට එන්නත ලබාදීමට බලාපොරොත්තු වෙනවා. සඳුදා දිනයේ අවසන් තීරණයක් ලබාදීමට නියමිතයි.”

“බටහිර රටවල විශේෂයෙන්ම අමෙරිකා එක්සත් ජනපදයේ බහුලව භාවිතකරලා තියෙන්නේ ෆයිසර් එන්නත සහ මොඩර්නා එන්නත.  ඒකෙනුත් ෆයිසර් එන්නත තමයි වැඩිපුරම භාවිතකරලා තියෙන්නේ. අපේ දරුවන්ට වැක්සිනයක් දීලා මොකද වෙන්නේ කියන  එක නොකළ යුතු දෙයක්. අපි කළ යුත්තේ බටහිර රටවල අත්හදාබලලා ඔවුන් පිළිගත්ත ක්‍රමවේදයට යන එක. මොකද  එයින් අපට වාසියක් ඇති වෙනවා. අමෙරිකා  එක්සත් ජනපදය ගත්තම මිලියන ගණනකට වැක්සිනය දීලා තියෙනවා. ඉතාමත් අඩු ප්‍රමාණයක තමා සංකූලතා තියෙන්නේ. දැනට තියෙන වැක්සින් තොගය අනුව සංකූලතා තියෙන දරුවන්ට  එය ලබාදීමට ගැටලුවක් ඇති වෙන්නේ නෑ. මොකද අපිට අවශ්‍ය වන්නේ හැටදහසත් හැත්තෑදහසත් අතර ප්‍රමාණයක්. අපි කළ යුත්තේ වෘත්තිකයින් හැටියට යම් ක්‍රමවේදයක් ගොඩනැගීම අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන දරුවන්ට හොඳම දේ දෙන්න”.

මේ අතර මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ගැටලු පවතින බව රජයේ වෛද්‍යනිළධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍යනලින්ද හේරත් මහතා සඳහන් කළේ වෛද්‍ය උපදෙස් වලට පටහැනිව එන්නත්කරණය සිදුකිරීම මගින් එම ගැටලු පැන නැගී ඇති බවය.

“එන්නත් කරණ වැඩසටහන මේ තාක්ෂණික උපදෙස්වලින්  බැහැරව බොහෝ තැන්වල ක්‍රියාත්මකවීමට පටන්ගත්තා. විශේෂයෙන් වයස් කණ්ඩායම් සහ දිවයිනේ ප්‍රමුඛතා ලබාදිය යුතු දිස්ත්‍රික්කවල තාක්ෂණිය උපදෙස් අභිබවා ක්‍රියාත්මක වෙනවා. වයස් කණ්ඩාම් ගත්තාම අපි මුලින්ම නිර්දේශ කළේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයිට ප්‍රමුඛතාවය දීලා මේ  එන්නත් කරණ ක්‍රියාවලිය කරන්න කියලා. සෞඛ්‍ය සේවකයෝ, ඉදිරිපෙළ කොවිඩ් මර්දන කණ්ඩාම්. මේ ගොල්ලෝ තමයි අධි අවදානම් කණ්ඩාම්. මේ කට්ටියට  එන්න්ත්කරණය කරන්න කියන  එක. සෞඛ්‍ය සේවකයෝ, ඉදිරිපෙළ කොවිඩ්  මර්දන කණ්ඩාම් සඳහා සිදුවුණා. නමුත් මේ 60ට වැඩි කණ්ඩායම  එන්නත්කරණය අවසන් කරන්නේ නැතුව වෙනත් වයස් කණ්ඩායම් සඳහා  එන්නත් ලබාදීමට යොමු වුණා. මේ සඳහා නිර්දේශ ලබා දුන්නේ කවුද කියන  එක අදටත් ප්‍රශ්නයක්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img