Saturday, October 31, 2026
HomeNEWSඔලිම්පික්යනඅපේකණ්ඩායමටක්‍රීඩාඅමාත්‍යංශයෙන්රුපියල්මිලියන 46.2 ආයෝජනයක් .

ඔලිම්පික්යනඅපේකණ්ඩායමටක්‍රීඩාඅමාත්‍යංශයෙන්රුපියල්මිලියන 46.2 ආයෝජනයක් .

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන 2020 ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම අයෝජනය සිදුකරමින්  තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය රුපියල් මිලියන 46.2ක පිරිවැයක් දරන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසයි.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජාතික ක්‍රීඩා සභාව හා උසස් දක්ෂතා කමිටුවෙන් නිර්දේශිත මුදල් චෙක්පත ලබාදෙමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ දී (15) මේ බව සඳහන් කළේය.

ඔලිම්පික් ක්‍රිඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙනුවෙන් දරණ පිරිවැය සහ ලබාදෙන පහසුකම් විස්තර කළ අමල් එදිරිසුරිය මහතා ලංකා ඉතිහාසයේ වැඩිම වටිනාකම ඔවුන් වෙත හිමිකරදීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මූලිකත්ව ගත් බව පෙන්වා දුන්නේය.

ඒ අනුව, 2020 ටෝකියෝ ඔලිම්පික්  ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා ලබාදෙන දීමනාවන් සහ පහසුකම් පහත සඳහන් පරිදි වේ.

1. තරග ඉසව් සඳහා දක්‍ෂතා මත සෘජුවම සුදුසුකම් ලැබු ක්‍රිඩක/ ක්‍රීඩිකාවන් තිදෙනෙකු වෙත            

              අමරිකානු ඩොලර් 15,000 බැගින් ලබා දීම.

2. තරග ඉසව් සඳහා වෙනත් පදනමකින් (Bipartite/ Tripartite සහ වෙනත්) සුදුසුකම් ලැබු ක්‍රිඩක/ ක්‍රීඩිකාවන් සයදෙනෙකු සඳහා අමරිකානු ඩොලර් 10,000 බැගින් ලබාදීම. 

3. සුදුසුකම් ලබාගත් ක්‍රීඩක/ ක්‍රිඩිකාවන්ගේ පුහුණුකරුවන් සයදෙනෙකු සඳහා අමරිකානු ඩොලර් 5,000 බැගින් ලබාදීම.‍

4. සහභාගී වන සියලුම ක්‍රීඩක/ ක්‍රීඩිකාවන් සඳහා ව්‍යාපාරික පන්තියේ  (Business Class)  ගුවන් ගමන් පහසුකම් ලබා දීම.

5. සියලුම ක්‍රිඩක/ ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් සඳහා දෛනික දීමනාවක් ලෙස ඇමරිකානු ඩොලර් 40  බැගින්  තරගාවලියට සහභාගී වනු ලබන කාල සීමාව සඳහා ලබා දීම.

6. තරගාවලියට සහභාගීවීමට පෙර සියලුම ක්‍රිඩක/ ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන්  ප්‍රධාන පෙළේ තරු පන්තියේ සංචාරක හෝටලයක් වන සිනමන් ග්‍රෑන්ඩ් හි (Cinnamon Grand)  ජෛව බුබුලකට ඇතුළත් කර පූර්ව නිරෝධායන කටයුතු සඳහා පහසුකම් සපයාදිම.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජෙන්සිලා සහ මිලේනියල්ලා දිනා ගැනීමට හිටපු ජනපති රනිල්ගෙන් වැඩක්

පිටකෝට්ටේ “සිරිකොත“ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කළ අදහස් අපි මුලින්ම මෙතැන කතා කරන්නේ...

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට අගමැතිනිය ඇන්ටිගුවා සහ බාබුඩා වෙත

අග්‍රාමාත්‍යවරිය 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව යයි. 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගි වීම සඳහා...

ප්‍රජා ශක්ති යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක්-අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක සංවර්ධන වැඩසටහන් Photo Link - https://we.tl/t-qFzL0MKkTwQzUhXw Speech Link - https://we.tl/t-AmqVVErK3jnvt4GA ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන්...

රජයේ මර්දන පනත් අධිකරණයට අපහාස කිරීමක් – විපක්ෂ නායක සජිත්

රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කරමින් ඒකාධිපති ආඥාදායක පාලනයක් කරා රට ගෙන යන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img