ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්රයන්ගේ ප්‍රගතිය වෙනුවෙන් සහාය වන බව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි (David Holly) මහතා ප්‍රකාශ කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (04) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ පැවති හමුවකදී ඩේවිඩ් හොලි මහතා මේ බව සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික ගැටලුව පිළිබඳ ඔස්ට්‍රේලියාව මනා අවබෝධයෙන් සිටින බවද ඒ මහතා පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය කළ නිවේදනයේ සඳහන් වෙයි.
තනි රටක් මෙරටට ලබාදුන් වැඩිම මානුෂීය ආධාර මුදල එරටින් පිරිණැමූ බවත් එම නිවේදනයේ සඳහන්ව ඇත.
“මෙය ආරම්භයක් පමණි. ඉදිරියටත් අනිකුත් ක්ෂේත්‍ර වෙනුවෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදෙනවා” යනුවෙන් ද ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා එහිදී පවසා ඇත.
නාවික හා නීතිවිරෝධී සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ඇති අවබෝධතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳ දීර්ඝව සාකච්ඡාවට ලක්වූ අතර ඔස්ට්‍රේලියානු ආයෝජන ප්‍රවර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමුකරන බව හොලි මහතා සඳහන් කළ බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
දෙරට අතර 75වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව දක්වන සමීප සහයෝගීතාව එහිදී පැසසුමට ලක් කර තිබේ.






















