පළාත් පාලන ආයතනවල අනියම් හා කොන්ත්‍රාත් සේවකයන්ගේ සේවා කාලය මාස 6කට වරක් දිර්ඝ කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (04) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඒ අනුව එම සේවකයන්ගේ සේවා කාලය මාස හයෙන් හයට දිර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල එකඟතාවය මත උපදෙස් ලබාදී ඇති බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරත් පැවසීය.
ඒ අනුව අදාළ සේවකයන්ගේ සේවා කාලය මාස හයෙන් හයට ඉදිරියට ගෙන යාමට පළාත් පාලන ආයතනවලට හැකියාව ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ප්‍රාථමික සේවා ගණයන් සඳහා සියලු බඳවා ගැනීම් තාවකාලිකව අත්හිටුවීම නිසා අදාළ කොන්ත්‍රාත් සහ අනියම් පදනම මත සිටින සේවකයන්ට ස්ථීර පත්වීම් ලබා දීමට නොහැකි වූ බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.
ඉදිරියේදී අදාළ චක්‍රලේඛය සංශෝධනය වූ පසුව මෙම ගැටළුව පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකිවනු ඇති බවද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.






















