මුලටියන – කඹුරුපිටිය ප්රධාන මාර්ගයේ මාකඳුර ප්රදේශයේ දී මාර්ගය අසල රැඳීසිටි පියෙකුගේ හා කුඩා දියණියගේ වෑන් රථයක් ගැටීමෙන් සිදුවු අනතුරින් පියා ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (07) පස්වරුවේ එම අනතුර සිදුව ඇති අතර අනතුරින් මිය ගොස් ඇත්තේ මාකඳුර, බැරගම උතුර ප්රදේශයේ පදිංචි 52 හැවිරිදි එක්දරු පියෙකි.
මිය ගිය පුද්ගලයා තුන් හැවිරිදි දියණිය වඩා ගෙන තම නිවස ඉදිරිපිට පිහිටි මාර්ගයේ රැඳී සිට ඇති අතර එම අවස්ථාවේ මුලටියන දෙස සිට මාතර දෙසට වේගයෙන් පැමිණි වෑන් රථයක් මොවුන් දෙදෙනාගේ ගැටී මාර්ගයේ නවතා තිබු කුඩා ලොරි රථයක ද ගැටී අනතුර සිදුව ඇත.
වෑන් රථය බෙංගමුව ප්රදේශයේ මංගල සාදයකට ගොස් පැමිණෙමින් සිට ඇති බවත් වෑන් රථ රියදුරු බීමතින් සිටි බවත් මාවරල පොලීසිය පැවසීය.
අනතුර සිදුවීමෙන් අනතුරුව පියා හා දියණිය ප්රදේශවාසින්ගේ මැදිහත් වීමෙන් කඹුරුපිටිය මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර, බරපතළ තත්ත්වයේ පසුවු දියණිය කරාපිටිය මහා රෝහල වෙත මාරු කර යැවු බවත් පෙලීසිය සඳහන් කරයි.
මාවරල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.






















