Sunday, November 8, 2026
HomeNEWSඋද්ධමනය සියයට 70ක් දක්වා වැඩිවිය හැකියි - මහබැංකු අධිපති

උද්ධමනය සියයට 70ක් දක්වා වැඩිවිය හැකියි – මහබැංකු අධිපති

සිය පුරෝකථනවලට අනුව උද්ධමනය කෙටිකාලීනව තවදුරටත් වැඩිවීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනය සියයට 70ක් දක්වා වැඩිවිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම පුරෝකථනයන්වලට අනුව 2023 වසරේ මුලසිට උද්ධමනය විශාල වශයෙන් අඩුවිය හැකි බවය.

මේ සඳහා  දැනට ගෙන ඇති ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවන බවද ශ්‍රී ලංකා මහබැංකුව වැඩිදුරටත් පෙන්වාදෙයි.

එසේම ගෝලීය තෙල්මිල සහ අහාර මිල අඩුවීම පිළිබඳව උපකල්පනද මෙම පුරෝකථනයන්ට ඇතුලත් බවද මහ බැංකුව පවසයි.

මේ අතර මෙරට විදේශ සංචිත ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගනිමින් පවතින බවද මහ බැංකුව පෙන්වාදෙයි.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින සාකච්ඡාවල සැළකියයුතු ප්‍රගතියක් පවතින බවද මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබීය.

මේ අතර ජුනි මාසය අවසන් වනවිට මෙරට නිල වත්කම් සංචිතය ඩොලර් මිලියන 1,859 ක් බව මහ බැංකුව පෙන්වාදෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img