ඕමානයට නීතිවිරෝධී ලෙස කාන්තාවන් යැවීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් දෙදෙනාව පල්ලෙකැලේ සහ කුරුණෑගලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
එම සැකකරුවන් දෙදෙනා දෙසැම්බර් මස 01 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
මේ අතර මිනිස් ජාවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම්වරයා ලෙස කටයුතු කරන කුෂාන් නමැත්තාගේ තානාපති සේවයේ කටයුතු අත්හිටුවා ඇති අතර ඔහු ශ්‍රී ලංකාවට පැමිණි වහාම අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවද විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
අද පාර්ලිමේන්තුවේදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහ






















