Sunday, November 8, 2026
HomeNEWSදේශීය ණය ගැන රජයේ ස්ථාවරය

දේශීය ණය ගැන රජයේ ස්ථාවරය

රජයට ඉදිරි මාස 03 තුළ දේශීය ණය ලබාගැනීමට නොහැකි ප්‍රධානතම හේතුව ජනතාව තුළ තිබෙන අනුමානයන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අද (22) අය වැය විවාදයට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

දේශීය ණය සම්බන්ධයෙන් විවිධ තොරතුරු ජනතාව අතර හුවමාරුවෙමින් ඇති බවද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දේශීය ණය ගැන අනුමාන නොකර සිටීම පාර්ලිමේන්තුවේත් වගකීමක් බවය. 

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,

“අපේ අයවැය ඉදිරිපත් කරන කොට ඒක තක්සේරුවක් කරන්න ඕනේ…උපකල්පන සම්බන්ධයෙන්. ඒක ඉතාමත්ම වැදගත්.” 

“කලබල කරන්නේ නැතුව මේ කතාව කියන්න ඕනේ.. ඒ තමයි, උපකල්පනය කරලා තියෙන්නේ 2023 ජුනි මාසයේ 31 වනදා වෙනකම් විදේශ ණය ගෙවීම අත්හිටුවලා තියෙන්නේ. ඒ නිසා ගෙවීමට අවශ්‍යතාවයක් නැහැ.” 

“ඊට පස්සේ ජුලි මාසයේ සිට දෙසැම්බර් 31 වනදා වෙනකම් බලාපොරොත්තු වෙන්නේ විදේශ ණයවලින් 50%ක් ගෙවන්න විතරයි.”

“අපිට තිබෙන ලොකුම වියදම තමයි පොලිය. මේ පොලිය දේශීය පොලිය. මාස 3නේ ණය තමයි අපි ලබාගන්නේ.. ඒකටත් අපි 33%ක් දැන් ගෙවනවා. එතකොට පොලී අනුපාතය අඩුකර ගන්න නම් කරන්න තියෙන්නේ එක ක්‍රමයක් තමයි දේශීය ණය පිළිබඳව හිතන්න වෙනවා.” 

“දේශීය ණව ගෙවීම පිළිබඳව ගැටලුවක් මතුවෙමින් පවතිනවා. රජය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතුයි කියන එක අපි දැඩිව ප්‍රකාශ කරන්න කැමතියි.”

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා,

“මම හර්ෂ ද සිල්වා මහතා සමග එකඟ වෙනවා. විශේෂයෙන්ම මේ දේශීය ණය සම්බන්ධයෙන් විවිධ තොරතුරු හුවමාරු වෙනවා.”

“අපිට ඉදිරි මාස 03 තුළ ණය ගන්න බැරි ප්‍රධානම හේතුව ඒක තමයි. මිනිස්සු විවිධ අනුමානයන් කරනවා. අනුමානයන් කරද්දි.. මිනිස්සු ඉදිරි මාස 03 තුළ බැඳුම්කරවල ආයෝජනය කරන්න පැකිලෙනවා.”

“ඔබ මතුකරන කාරණාව හරි. ඒක මං හිතන්නේ දේශීය ණය ගැන අනුමාන නොකර ඉන්න එක පාර්ලිමේන්තුවේත් වගකීමක් වෙනවා. අපි ඒ ගැන තවම තීන්දුවක් අරගෙන නැහැ.”

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,

“ඔබ කියන කතාව හරි. විශ්වාසය මත තමයි මූල්‍ය වෙළෙඳපොළ වැඩ කරන්නේ. ඒ විශ්වාසය දේශීයව සහ ජාත්‍යන්තරව ගොඩනගන එක ඔබලාගේ මූලිකම වගකීම.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img