මැතිවරණ වියදම් පාලනය කිරීමට විධිවිධාන සැලැස්වීමේ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ අනුමැතිය ලබා ගැනීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති එම කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිශ්කාශන මේ වන විට ලැබී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව මැතිවරණ වියදම් පාලනය කිරීමට විධිවිධාන සැලැස්වීමේ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ අනුමැතිය ලබා ගැනීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ඊයේ (21) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ මහතා,
“ජනාධිපති මැතිවරණය, පළාත් සභා, පාර්ලිමේන්තු මැතිවරණය හා පළාත් පාලන මැතිවරණය කියන අණපනත් 4ටම අදාළව තමා මේ පනත ගේන්නේ. අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය තීරණය කරන්නේ මැතිවරණ කොමිසම් සභාව. ඒ මුදල් ප්‍රමාණය ඉක්මවා වියදම් කරලා තිබුණොත් ඒ කාරණය සනාථ වීම තුළ අපේක්ෂකයින්ගේ මන්ත්‍රී ධුරය අහිමි කිරීමට ඉඩකඩ තියෙනවා. දඬුවම් කිරීමේ බලය තියෙනවා. ඒ ඒ පනත්වල තියෙන විදිවිධාන අනුව.”






















