Thursday, September 17, 2026
HomeNEWSඕස්ට්‍රේලියානු වීසා නීති දැඩි වෙයි - විදෙස් සිසුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සීමා

ඕස්ට්‍රේලියානු වීසා නීති දැඩි වෙයි – විදෙස් සිසුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සීමා

ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් සඳහා තම සහකරු/සහකාරිය හෝ දරුවන් රට තුළට ගෙන්වා ගැනීම වළක්වන නව වීසා සීමා පැනවීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර ඇති බව රොයිට‍ර්ස් පුවත් සේවය පවසනවා.

මීට අමතරව තාවකාලික සංක්‍රමණිකයන් වෙනත් වීසා කාණ්ඩවලට මාරුවීම වැළැක්වීම සඳහා වන නීති ද දැඩි කිරීමට නියමිතයි.

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක්වි සින් ජාතික ප්‍රවෘත්ති සමාජය ඇමතීමට නියමිත විශේෂ දේශනයේදී මෙම නව පියවර පිළිබඳ නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිත බවයි රොයිටර්ස් පුවත් සේවය පැවසුවේ.

දැනට වසරකට 300,000 ක් පමණ වන ශුද්ධ විදේශීය සංක්‍රමණිකයන් සංඛ්‍යාව 2028 වන විට 225,000 දක්වා අඩු කිරීම ද මෙහිදී සිදුවන බවයි වාර්තා වෙන්නේ.

දැනට පවතින නීති අනුව ජාත්‍යන්තර සිසුන්ගේ සහකරුවන්ට ඕස්ට්‍රේලියාව තුළ රැකියාවල නිරත වීමට සහ වයස අවුරුදු 18 ට අඩු දරුවන් රැගෙන ඒමට අවස්ථාව හිමි වෙනවා.

නව සංශෝධන මගින් මෙම පහසුකම සීමා කිරීමට නියමිතයි.

කොවිඩ්-19 සීමා කිරීම්වලින් පසුව ඕස්ට්‍රේලියාවේ ද්වාර නැවත විවෘත කිරීමත් සමග ජාත්‍යන්තර සිසුන්, සංචාරක රැකියාවල නිරත වන්නන් සහ තාවකාලික කුසලතා පූර්ණ ශ්‍රමිකයන්ගේ පැමිණීම විශාල ලෙස ඉහළ ගියා.

2023 වසරේදී ශුද්ධ සංක්‍රමණය 518,000 ක උපරිමයකට ළඟා වූ අතර, 2025 ජූනි වන විට එය 306,000 දක්වා පහත වැටුණු බව සඳහන්.

කෙසේ වෙතත්, අධික සංක්‍රමණිකයන් සංඛ්‍යාව හේතුවෙන් රට තුළ නිවාස අර්බුදයක් සහ යටිතල පහසුකම් කෙරෙහි දැඩි පීඩනයක් එල්ල වී ඇති බවට චෝදනා එල්ල වෙන බවයි රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ.

මෙම පසුබිම හමුවේ, අති-දක්ෂිණාංශික One Nation පක්ෂය විසින් ඉදිරි වසර තුන තුළ තාවකාලික සංක්‍රමණිකයන් සංඛ්‍යාව 750,000 කින් කපා හැරීමට යෝජනා කර ඇති අතර, එමගින් රජයට එල්ල වී ඇති දේශපාලන පීඩනය ද මෙම තීරණයට හේතු වී ඇති බවයි රොයිටර්ස් පුවත් සේවය පවසා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට ප්‍රධාන අංශ 3ක් යටතේ පුළුල් වැඩපිළිවෙළක් – ජනපති

රටේ සියලු පුරවැසියන්ට නිරෝගී සම්පන්න ජීවිතයක් ලබාදීම වෙනුවෙන් ප්‍රධාන අංශ තුනක් යටතේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

ළමයින්ගේ සමාජ මාධ්‍ය භාවිතයට යුරෝපීය සංගමයෙන් අලුත් යෝජනාවක්

යුරෝපීය කොමිසමේ සභාපතිනී ඌර්සුලා ෆොන් ඩර් ලේයන් (Ursula von der Leyen) විසින් ළමයින්ගේ අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් වැදගත් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, අවුරුදු 13ට...

අමෙරිකානු තානාපති සහ ආරක්ෂක නියෝජ්‍ය ඇමති අතර සාකච්ඡාවක්

මෙරට අමෙරිකානු තානාපති එරික් මයර්  මහතා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා අතර ප්‍රථම නිල හමුව පවත්වා තිබේ. එහිදී, වර්ධනය වෙමින්...

අගමැති – FUTA සාකච්ඡා විසඳුමකින් තොරව අවසන්

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග පැවැති සාකච්ඡාවෙන්ද කිසිඳු විසඳුමකට එළඹීමට නොහැකි වූ බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA)...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img