Thursday, September 17, 2026
HomeNEWSස්ථාන මාරු පිළිනොගත් ජාතික පාසල් ගුරුවරුන්ට විනය ක්‍රියාමාර්ග

ස්ථාන මාරු පිළිනොගත් ජාතික පාසල් ගුරුවරුන්ට විනය ක්‍රියාමාර්ග

ස්ථාන මාරු නියෝග පිළිනොගෙන කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල ජාතික පාසල්හි සේවය කරන ගුරුවරුන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එමෙන්ම එම ගුරුවරුන් රඳවාගෙන සිටීම සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්ගෙන් ද නිදහසට කරුණු විමසීමට අමාත්‍යාංශය තීරණය කර ඇත.

අමාත්‍යාංශය මෙම තීරණ ගෙන ඇත්තේ එම ගුරුවරුන් ස්ථාන මාරු නොකිරීම පිළිබඳව ගුරු හා විදුහල්පති වෘත්තිය

සමිතිවලින් දැඩි විරෝධයක් එල්ල වීම හේතුවෙනි. එම ගුරුවරුන් ස්ථාන මාරු කරනතෙක් ලබන වසරට අදාළ ගුරු මාරු ක්‍රියාවලියෙන් ද ඉවත් වූ වෘත්තිය සමිති නියෝජිතයෝ අමාත්‍යාංශයේ ඉහත තීරණ මත යළිත් එම ක්‍රියාවලියට සම්බන්ධ වී සිටිති. පසුගිය වසරේ දී නිර්දේශ කරන ලද එම ස්ථාන මාරු පිළිනොගත් ප්‍රධාන පෙළේ පාසල්වල ගුරුවරුන් තවදුරටත් එම පාසල්වල රැඳී සිටින්නේ ඒ සම්බන්ධයෙන් ගුරු මාරු මණ්ඩලවලට ඉදිරිපත් කළ අභියාචනා ද ප්‍රතික්ෂේප කර ඇති තත්ත්වයක් පැවැතියදීය.

එලෙස අභියාචනා ප්‍රතික්ෂේප වීමෙන් පසුව ඇතැම් ගුරුවරුන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ද අභියාචනා ඉදිරිපත් කරමින් තවදුරටත් එම පාසල්වල රැඳී සිටීමට උත්සාහ දරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවසීය.

ලබන වසරට අදාළ ගුරු මාරු අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාලසීමාව ද ඉකුත් වී ඇති නමුත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති අභියාචනා සම්බන්ධ නිර්දේශ මෙතෙක් ලබා දී නොමැති බව ද කී හෙතෙම එම කොමිෂන් සභාව අදාළ නිර්දේශ ප්‍රමාද කරන්නේ අභියාචනා යොමු කළ ගුරුවරුන්ට තවදුරටත් එම පාසල්වලම කටයුතු කිරීමට අවස්ථාව සලසා දීමට ද යන සැකය පවතින බවද වැඩිදුරටත් පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට ප්‍රධාන අංශ 3ක් යටතේ පුළුල් වැඩපිළිවෙළක් – ජනපති

රටේ සියලු පුරවැසියන්ට නිරෝගී සම්පන්න ජීවිතයක් ලබාදීම වෙනුවෙන් ප්‍රධාන අංශ තුනක් යටතේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

ළමයින්ගේ සමාජ මාධ්‍ය භාවිතයට යුරෝපීය සංගමයෙන් අලුත් යෝජනාවක්

යුරෝපීය කොමිසමේ සභාපතිනී ඌර්සුලා ෆොන් ඩර් ලේයන් (Ursula von der Leyen) විසින් ළමයින්ගේ අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් වැදගත් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, අවුරුදු 13ට...

අමෙරිකානු තානාපති සහ ආරක්ෂක නියෝජ්‍ය ඇමති අතර සාකච්ඡාවක්

මෙරට අමෙරිකානු තානාපති එරික් මයර්  මහතා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා අතර ප්‍රථම නිල හමුව පවත්වා තිබේ. එහිදී, වර්ධනය වෙමින්...

අගමැති – FUTA සාකච්ඡා විසඳුමකින් තොරව අවසන්

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග පැවැති සාකච්ඡාවෙන්ද කිසිඳු විසඳුමකට එළඹීමට නොහැකි වූ බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA)...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img