Monday, September 14, 2026
HomeNEWSඖෂධ වංචාවක් ගැන විපක්ෂ නායකවරයාගෙන් අනාවරණයක්.

ඖෂධ වංචාවක් ගැන විපක්ෂ නායකවරයාගෙන් අනාවරණයක්.

තවත් ඖෂධ වංචාවක් ගැන විපක්ෂ නායකවරයාගෙන් අනාවරණයක්.

මේ මොහොත වන විට වත්මන් රජය, සෞඛ්‍ය ඇමතිවරයා හා සෞඛ්‍ය අමාත්‍යාංශය රටට බාල බෙහෙත් සැපයීමේ ජාවාරමේ මුල් පුටු බවට පත්ව ඇති බවත් හියුමන් ඉමියුනෝ ග්ලොබිලින් (අයි.වී.අයි.ජී) යන අත්‍යාවශ්‍ය ඖෂධය හොර පාරෙන් කූට ලේඛන සකස් කොට සුපුරුදු ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය නොකර ලියාපදිංචි කිරීමෙන් බැහැර ක්‍රමවේදය හරහා ගෙන්වා ඇති බවත් රටේ ජනතාව මරණ මංචකයට යවන බාල බෙහෙත් ලබා දෙන්න කටයුතු කරන වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සහ සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙයට වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (11) බාල බෙහෙත් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

විශ්වාසභංග යෝජනාවේදී දින 3ක් පුනපුනාම සෞඛ්‍ය ඇමතිවරයා හා අමාත්‍යාංශයේ ක්‍රියාකලාපය විවේචනයට ලක් කර, ‘රටේ ජනතාවගේ බදු මුදල් විනාශ කරමින් මෙරටට බාල බෙහෙත් ගෙන්වීමේ ජාවාරම’ සම්බන්ධයෙන් වාදවිවාද සිදු කළත් 113 දෙනකු බාල බෙහෙත් මාෆියාව සහ බාල ඖෂධ ලබා දී රටේ ජනතාව මරණ මංචකයට ගෙන යාමට කැමැත්ත පළ කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන්ම ප්‍රමිතියෙන්, ප්‍රසම්පාදනයෙන් හා ලියාපදිංචියෙන් තොරව අයි.අවී.අයි.ජී නම් ඖෂධය හොර පාරෙන් මෙරටට ගෙනවිත් මෙරට රෝගීන් ගණනාවකට ලබා දී ඇති බවත් මෙය සෘජුවම ශිරාවටම ඇතුළු කරන ඖෂධයක් වන මෙය මූලික වශයෙන් ස්නායු රෝගත් ඊට අමතරව හන්දි හා හදවත් රෝගවලටත් භාවිත කරන බවට මීට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු තහවුරු කර ඇති බවත් මේ ඖෂධ නෙමැති වුවහොත් සමහර රෝගීන්ගේ ජීවිත පවා අවදානයට ලක්වන බවත් පැවසු විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ Myasthenia Gravis නම් රෝගය උත්සන්න වූ විටද මෙම ඖෂධය ලබා දෙන බවයි.

මෙවැනි තත්ත්වයත් තුළ මෙම බාල බෙහෙත ලබා දුන් රෝගීන් ගණනාවකට අසාත්මිකතා ඇතිව තිබෙන බවත් මේ සම්බන්ධයෙන් රටේ ජනාධිපති හා සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දෙන පිළිතුර කුමක්ද කියා විමසා සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කියා සිටියේ රජය ගජමිතුරු ධනවාදයට මුල් තැන දී දේශපාලන සූදු ක්‍රියාත්මක කර මැතිවරණ නතර කරන දේශපාලන ජාවාරම්වල නිතරව සිටිමින් රටේ ජනතාව මරණ මංචකයට ගෙන යන බවයි.

එසේ ම මේ ජාවාරම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වගකිව යුතු බවත් ජනාධිපතිවරයාට මේ මොහොතේ ම දූෂිත සෞඛ්‍ය ඇමතිවරයා ඉවත් කිරීමට හැකි වුවත් ජනාධිපති එය සිදු නොකරන බවත් රජය ජනතාවගේ පිට බදු පිට බදු පටවා ඖෂධ ජාවාරම් හරහා විශාල මුදලක් රටට අහිමි කරන බවත් මෙවැනි පහත් වැඩවලින් ඉවත්ව මෙයට වගකිව යුතු සෞඛ්‍ය ඇමතිවරයාව ගෙදර යැවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

එසේ ම සමගි ජන බලවේග රජයක් තුළ මෙම සාපරාධි ක්‍රියාවට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ගෙනවිත් යුක්තිය හා සාධාරණය ඉටු කිරීමට කටයුතු කරන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img