Friday, September 11, 2026
HomeNEWSකච්චතිව් මංගල්‍ය අද සහ හෙට

කච්චතිව් මංගල්‍ය අද සහ හෙට

ඉන්දු ලංකා බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මහා මංගල්‍ය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබේ.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළේ යාපනය දිසාව භාර රදගුරු ජස්ටින් ඥාන ප්‍රකාශම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් කච්චතිව් මහා මංගල්‍ය පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවය. 

ඉන්දීය බැතිමතුන් 1000 ක පමණ පිරිසක් කච්චතිව් මංගල්‍ය වෙනුවෙන් පැමිණෙනු ඇති බවට අපේක්ෂා කරන බව එම කාර්යාලය පැවසීය.

මේ සඳහා ප්‍රවාහන, පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම්, තාවකාලික කුටි ආදී යටිතල පහසුකම් සැපයීම නාවික හමුදාවේ සහයෙන් සිදුකෙරෙයි.

මංගල්‍යයට සහභාගීවන මෙරට බැතිමතුන් වෙනුවෙන් අද යාපනය කුරිකට්ටුවාන් ජැටියේ සිට නාවික බෝට්ටු සේවයක් ක්‍රියාත්මක කිරීමටද පියවර ගෙන ඇති බවද නාවික හමුදාව සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img