Thursday, October 29, 2026
HomeNEWSකටුනායක ගුවන්තොටුපොළ ගැන කැබිනට් තීරණයක්

කටුනායක ගුවන්තොටුපොළ ගැන කැබිනට් තීරණයක්

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි ස්ථාපිත කරනු ලබන ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු සංඛ්‍යාව 12 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

දැනටමත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04ට අමතරව තවත් ගේට්ටු 08ක් සහිතව සම්පූර්ණ ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 12ක් විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් මිලදී ගැනීමේ හා ස්ථාපනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04ක් මිලදීගෙන සවි කිරීමට 2025-05-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

තව ද, 2027 වර්ෂයේදී හඳුන්වා දීමට නියමිත ඊ – පාස්පෝට් නිකුත් කිරීමේ ක්‍රියාවලියට සමගාමීව, මෙතෙක් ශ්‍රී ලාංකිකයින් සඳහා පමණක් සීමා වී තිබූ ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු පහසුකම මෙරටට පැමිණෙන සහ මෙරටින් පිටවන විදේශිකයින් සඳහා ද භාවිත කළ හැකි පරිදි ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරනු ලැබේ.

එමෙන්ම, ව්‍යාපාරික හා සංචාරක ක්ෂේත්‍රයේ සීග්‍ර ප්‍රගමනය සමඟ අඛණ්ඩව ඉහළ යන ගුවන් මගීන් සංඛ්‍යාව ද සැලකිල්ලට ගෙන මුළු ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු ප්‍රමාණය 12ක් දක්වා වැඩි කිරීමේ යෝග්‍යතාව ද හඳුනාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img