Thursday, October 29, 2026
HomeNEWSවසරේ ආරම්භයේ සිට මේ දක්වා නිතීවිරෝධී ගිනිඅවි 891ක් පොලිස් භාරයට

වසරේ ආරම්භයේ සිට මේ දක්වා නිතීවිරෝධී ගිනිඅවි 891ක් පොලිස් භාරයට

වසරේ ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා නීතිවිරෝධී මුළු ගිනිඅවි 891ක් පොලිස් භාරයට ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනි දින දක්වා ටී 56 ගිනි අවි 14ක්, පිස්තෝල අවි 33ක් සහ රිවෝල්වර 25ක් ඇතුළු සමස්ත ගිනිඅවි 891ක් පොලිස් නිලධාරීන් භාරයට ගෙන ඇති බවය.

එමෙන්ම පසුගිය වසරේ සිදුකළ මෙහෙයුම් මගින් ටී 56 ගිනිඅවි 74ක් ඇතුළුව මුළු අවි 2,404ක් නිලධාරීන් භාරයට ගෙන ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ වසරේ ආරම්භයත් සමග මේ දක්වා සංවිධානාත්මක වෙඩි තැබීම් 35ක් වාර්තා වී ඇති බවත් සමස්ත සිදුවීම් 40ක් වාර්තා වී ඇති බවත්ය.

එමෙන්ම මෙම වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයින් 22කු මිය ගොස් ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img