කඩවත සිට මීරිගම දක්වා වන අධිවේගී මාර්ගයේ කටයුතු මන්දගාමී වීම පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස මහාමාර්ග අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.
මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබාදුන් බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඉදිකිරිම් කටයුතු මන්දගාමීව සිදුවුවද දෙවන ගෙවීම් සිදුකරන ලෙස ඉල්ලීමක් කරඇති බව මෙම සාකච්ඡාවේ දී අනාවරණය වී ඇති අතර වහාම එම ගෙවීම් සිදුනොකරන ලෙස ද එහිදී අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.
සංවර්ධන කටයුතු නිසි ලෙස සිදුනොවන ව්‍යාපෘතීන්ට මුදල් නොගෙවන ලෙස ජනාධිපතිවරයා තමාට උපදෙස් ලබාදී ඇති බව එහිදී අමාත්‍යවරයා පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජෝන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියාසිටියේ එම මාර්ගයේ ඉදිකිරිම් කටයුතු සොයා බැලීම සඳහා කඩිනමින් එහි සංචාරයක නිරත වන බවය.






















