*කඩා වැටුණු රට ගොඩනංවන්න ජනතාව සවිබල ගැන්විය යුතු යි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලට අනුව අප රට බහුමාන අර්බුධ රැසකට මුහුණ දෙන බවත් ලර්න් ඒෂියා සංගණනයෙන් පෙන්වා දී ඇති පරිදි දුප්පත් ප්‍රජාව ලක්ෂ 30 සිට 70 දක්වා වර්ධනය වී ඇති බව් විපක්ෂ නායකවරයා පැවසීය.ආර්ථිකය සාර්ව සහ ක්ෂුද්‍ර ලෙස කොටස් 2කින් යුක්ත බවත් සාර්ව ආර්ථිකයේදී ආර්ථික වර්ධනය, විරැකියාව, උද්ධමනය, වෙළෙඳ ශේෂය, ගෙවුම් ශේෂය අයවැය හිගය බලන බවත් ක්ෂුද්‍ර ආර්ථිකය තුළින් පුද්ගලයන්, නිවාස ඒකක ගැන සලකා බලන බවත් එය ව්‍යාපාර හා කර්මාන්ත සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ කඩාවැටුණු රට ගොඩගැනීමට නම් ක්ෂුද්‍ර ආර්ථිකය ශක්තිමත් කර පුද්ගලයා, ගෘහය සහ ව්‍යාපාර ශක්තිමත් කළ යුතු බව යි.එසේ නිර්මාණය වන ශක්තිය තුළ රටක් ලෙස ආර්ථික වර්ධනයට යා හැකි වුවත් මේ වන විට රටේ ආර්ථික වර්ධනයක් නොව ආර්ථික පසුබෑමක් පවතින බවත් මේ ආර්ථික පසුබෑම තුළ ආර්ථිකය කුඩා වී ජන ජීවිත කුඩා වී ඇති බවත් එවන් තත්ත්වයක් තුළ ජනතාව මත දිගින් දිගටම බර පටවා විවිධ ජාත්‍යන්තර සංවිධානවල මානසිකත්වය ශක්තිමත් කිරීම රටේ ගමන නොවිය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (28) සණස මහා සම්මේලනය ඇමතීමට ගිය අවස්ථාවේදීය. සණස සමිති 1250ක් තුළින් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන අද සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.*මේ බංකොලොත් භාවයෙන් ගොඩ ඒමට නම් ලක්ෂ 220ම එකට එකතු වී රජයත් ප්රජාවත් අනෙකුත් බහුවිධ සංවිධානත් යම්කිසි ඒකාග්‍රතාවක් තුළ වැඩපිළිවෙළකට ගොස් ආර්ථික වර්ධනය ක්‍රියාත්මක විය යුතු බවත් එහි දි පොදු ජනතාව අතරට ප්‍රාග්ධන ශක්තිය පැමිණිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සණස ව්‍යාපාරය හරහා ගම්මාන 5000ක් දියුණුවන වැඩපිළිවෙළ තුළ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දැවැන්ත දායකත්වයක් ලබා දිය හැකි බවයි. එසේම මෙය ගම්මාන 5000කට පමණක් සීමා නොකර පළාත් 9, දිස්ත්‍රික්ක 25ක, ප්‍රදේශීය ලේකම් සහ උප ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 341ක ග්‍රාම නිලධාරින් වසම් 14022ක කුඩා ගම් 51000ම ක්‍රියාත්මක කිරීමේ වරම ලබා දෙන්න සමගි ජන බලවේගය සූදානම් බවත් එක ගමකට එක කොට්ඨාසයකට එක කලාපයකට පමණක් සණස ව්‍යාපාරය සීමා නොකර ගරා වැටුණු අප දේශය නැවත වරක් ජනතා ශක්තියෙන් ගොඩ ගැනීමට ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.NEWS CLIP ♦️ https://youtu.be/2c-CWSJ648c?si=0Qje09mKIjb7QBRQ






















