පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලට විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා දරන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය දූරය බලපෑ හැකි බවට කතෝලික සභාව පැවසුවත් තමන් නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලාඅස් නොවන බව ඒ මහතා සති අන්ත ඉරිදා පුවත්පතකට ප්‍රකාශ කර තිබේ.ජයසිකර මහතා මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නැගෙනහිර පළාත් ආඥාපතිවරයා ලෙස ඔහු සේවය කළ බැවින් ඔහුගේ වත්මන් භූමිකාව පාස්කු විමර්ශනවලට බලපෑම් ඇති කළ හැකි නිසා ඔහු එම තනතුරින් ඉවත් කරන ලෙස කතෝලික සභාවෙන් සහ විපක්ෂයෙන් සිදු කරන ඉල්ලීම් වලට අවනත වී එම තනතුරින් ඉවත්වනවාදැයි එම පුවත්පත කරන ලද විමසුමකදීය.පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරමින් යන විමර්ශනවලට තමන්ගෙන් කිසිදු බලපෑමක් සිදු නොවන බවත් විමර්ශන ස්වාධීනව ඉදිරියට සිදුකරගෙන යන බවත් ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.






















