Friday, May 22, 2026
HomeNEWSරාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා එම තනතුරෙන් වහාම ඉල්ලා අස්විය යුතුයි-කාදිනල් හිමියන්ගේ මාධ්‍ය...

රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා එම තනතුරෙන් වහාම ඉල්ලා අස්විය යුතුයි-කාදිනල් හිමියන්ගේ මාධ්‍ය ප්‍රකාශක

රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා වහා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුව ඇතැයි කාදිනල් මැල්කම් රංජිත් හිමියන්ගේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් සඳහන් කරයි.අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමින් උන්වහන්සේ පෙන්වා දී ඇත්තේ ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී සිය නිර්දෝෂී භාවය ඔප්පු කර යුතු බවයි.පාස්කු ප්‍රහාරය එල්ලවන කාල සීමාවේ මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා නැගෙනහිර ආඥාපතිවරයා ලෙස සේවය කර ඇති බවත්, ඔහු එම තනතුරට පත්කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් රටේ බලය ඇල්ලීමට උත්සාහ කළ අවස්ථාවේ බවත් පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළිවිය.මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් මහතා චෝදනා කලේ පාස්කු ප්‍රහාරයට වළක්වා නොගැනීම සහ එයට අදාළ සාක්ෂි විනාශ කිරීම පිටුපස යුධ හමුදා නිලධාරීන් පිරිසක් සිටි බවට මේ වන විට හෙළිව ඇති පසුබිමක එවකට නැගෙනහිර ආඥාපතිවරයා ලෙස කටයුතු කළ මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එම වගකීමෙන් ගැලවිය නොහැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img