Friday, September 11, 2026
HomeNEWSකඳුළු ගෑස් නිසා බොහෝ අයට සංකූලතා - නීතීඥ සුනිල් වටගල

කඳුළු ගෑස් නිසා බොහෝ අයට සංකූලතා – නීතීඥ සුනිල් වටගල

පසුගිය 26 වනදා ජාතික ජන බලවේගයේ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය එල්ල කළ ජල ප්‍රහාර අසුචි ජලය බවත් එල්ල කළ කඳුළු ගෑස් කල් ඉකුත් වූ ඒවා බවටත් චෝදනා එල්ල වෙයි.

එලෙස චෝදනා කරමින් ජාතික ජන බලවේගයේ නීතීඥවරුන් කණ්ඩායමක් අද (09) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

නීතීඥ සුනිල් වටගල මහතා, 

“මේ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් සිහිසුන්වූ ඉංජිනේරු මහත්තයෙක් තාම ජාතික රෝහලේ. ගනේමුල්ලේ කෙනෙක් ඊයේ මිය ගියා. සැලකියයුතු පිරිසකට සංකූලතා ඇති වෙලා. මේ කල් ඉකුත් වූ කඳුළු ගෑස් ගහලා තියෙන්නේ කියලා අපිට විශ්වාසයි. දේශීයව සහ ජාත්‍යන්තර ලෙස මේකට ගන්න පුළුවන් ඉහළම පියවර ගන්නවා.”
 
මේ අතර මාර්තු 7 සහ 8 යන දිනවලදී කොළඹ විශ්වවිද්‍යාලය අවට පැවැති උද්ඝෝෂණ සහ ඊයේ රාත්‍රියේ කැලණිය විශ්වවිද්‍යාලය අවට පැවැති උද්ඝෝෂණය පාලනය කිරීම සඳහා පොලීසිය සහ ආරක්ෂක අංශ ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව අදාළ උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා ක්ෂේත්‍රයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරීන්ගේ නාම ලේඛනයක් එළඹෙන 10 වනදට පෙර මානව හිමිකම් කොමිෂන් සභාව වෙත යොමු කරන ලෙස පොලිස්පතිවරයා වෙත අද ලිඛිතව දැනුම් දුන් බව එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img