Monday, September 7, 2026
HomeNEWSකප්පම් මුදලක් ගත් චෝදනාවකට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

කප්පම් මුදලක් ගත් චෝදනාවකට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

රුපියල් දෙලක්ෂ හතලිස් හයදහසක කප්පම් මුදලක් ලබා ගත්තේ යැයි සඳහන් පැමිණිල්ලක් මත ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු කුරුවිට පොලිසිය විසින් පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබුවා..

පසුව, රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාර පොලිස් නිලධාරියා මේ මස 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙම පොලිස් නිලධාරියා යටියන්තොට පොලිසියේ සේවය කරන අතරතුර කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුට උස් හඬින් කතා කිරීමේ සිද්ධියකට අදාළව
ස්ථාන මාරුවක් ලද නිලධාරියෙකු වන අතර,
එය සිදුව ඇත්තේ අදාළ මන්ත්‍රීවරයා විසින් පොලිස් නිලධාරීන්ට පැවැත්වූ උපදෙස් පන්තියක් අතරතුරයි.

සබරගමුව පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්‍යාලයට අනුයුක්තව සිට් මෙම ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පසුගිය දා අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

1000 සි සි වර්ගයේ එන්ජින් ධාරිතාවයකින් යුතු යතුරු පැදියක් ව්කිණිමට ඇතැයි කුරුවිට එදිරියන්වෙල උඩකඩ ප්‍රදේශයේ තරුණයෙකු සමාජ මාධ්‍ය සමූහයකට (වට්සප්)
දැමු පණිවිඩයක් දැක ඒ ඔස්සේ පොලිසියෙන් කියා නිවෙසට පැමිණි සැකකරු යතුරු පැදිය හිමි තරුණයාගේ පියාගෙන් කප්පම් ඉල්ලු බව එම පුද්ගලයා පොලිසියට පැමිණිලි කර තිබුණා.

යතුරු පැදිය විකිණීමට සමාජ මාධ්‍යට පණිවිඩ දැමු තරුණයාගේ පියා පවසා ඇත්තේ සිය පුතුන් විදේශගත වීමට සිටින බවයි.

මෙම සිද්ධිය දුරදිග ගියහොත් පුතුන්ට විදේශ ගතවිමට ද නොලැබෙන බව මෙම පොලිස් නිලධාරියා තමන්ට පැවසූ බව ද අදාළ පුද්ගලයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් බව ද පොලිසිය සඳහන් කළා.

මෙම සිඅධිය ගොඩින් බේරා ගැනීමට රුපියල් දස ලක්ෂයක මුදලක් එම පොලිස් නිලධාරියා ඉල්ලා සිටි බවත් එවැනි මුදලක් ලබාදිමට නොහැකි බව පැවසූ බවත් එවිට රුපියල් පන් ලක්ෂයක් සැකකරු ඉල්ලා සිටි බවත් රුපියල් ලක්ෂ තුනක් ලබාදිමට එකඟ වීමෙන් පසු කුරුවිට දැරණියගල මාර්ගයේදි රුපියල් දෙලක්ෂ හතලිස් හය දහසක මුදලක් සැකකරුට ලබාදුන් බව තරුණයාගේ පියා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් බවත් කුරුවිට පොලිසිය සදහන් කළා.

සැකකාර පොලිස් පරික්ෂකවරයා තවත් අයෙකු සමග මෝටර් රථයකින් පැමිණි බව ද පැමිණිල්ලේ දැක්වෙනවා.

මෙම පොලිස් පරික්ෂකවරයා පසුව යතුරු පැදිය රැගෙන කඩුවෙල පොලිසිය අසළට පැමිණෙන ලෙස දුරකතන ඇමතුම් ලබාදුන් නිසාත් මුදල් දුන්නද ප්‍රශ්නය අවසන් නැති නිසාත් යතුරු පැදිය හිමි තරුණයාගේ පියා ඔහුට හිතවත් පොලිස් නිලධාරියෙකුට සිද්ධිය දැනුම් දි තිබේ.

ආරක්ෂිත කැමරා දර්ශන කිපයක්ද අනුව ව්මර්ශන සිදු කෙරෙන බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව කළ විමසීමකදී විමර්ශන භාර උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ මෙම පුද්ගලයා අදාළ පොලිස් නිලධාරියාට මුදල් දුන් බවට කිසිදු සාක්ෂියක් මේ වනතෙක් හමු වී නොමැති බවයි.

මේ වනවිට මෙම සිද්ධියට අදාළ සියලු පරීක්ෂණ අවසන් බවත්, ඒ පිළිබඳව වැඩිදුර වාර්තා ඉදිරිපත් කර ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරවන්නේ නොමැති බව ජනපති බුලත්සිංහල දී අවධාරණය කරයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු හරවන්නේ නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද...

රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියලුම දෙනා එක් විය යුතුයි- එජාප නායක හිටපු ජනපති රනිල්

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම නිමිති කරගනිමින් Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් වර්ෂ 1946 සැප්තැම්බර් 06 වැනිදා ඩී....
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img