Tuesday, August 4, 2026
HomeNEWSකම්බි වැටෙන් වෙන් කළ ස්වභාවික සුන්දරත්වය - කොකනට් හිල්ස්

කම්බි වැටෙන් වෙන් කළ ස්වභාවික සුන්දරත්වය – කොකනට් හිල්ස්

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මිරිස්ස “කොකනට් හිල්ස්” නමැති ස්ථානයේ භූමිය, එහි ස්වභාවික සුන්දරත්වය විනාශ කරමින් කැබලි කර ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ (05) ප්‍රචාර පැතිර ගොස් තිබුණි.

ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරෙහි පිහිටා ඇති මිරිස්ස වෙරළ තීරය සංචාරකයින්ගේ සිහින පාරාදීසයකි.

ඒ ආසන්නයේ ඇති මෙම “කොකනට් හිල්ස්” නම් පොල් රුප්පාවකින් සමන්විත සුන්දර උස් බිම්තීරය දෙස් විදෙස් සංචාරකයන් සේයාරූ සඳහා පෙනී සිටීමට භාවිත කරන සුප්‍රසිද්ධ ස්ථානයකි.

කෙසේවෙතත් ඊයේ වනවිට දක්නට ලැබුණේ සංචාරක ආකර්ෂණය දිනූ “කොකනට් හිල්ස්” නම් උස් බිම් කඩ මාඉම් කරමින් කම්බි වැටක් ඉදිකර ඇති අයුරු ය.

මෙහි සුන්දරත්වය පිළිබඳ අදහස් දැක් වූ සංචාරකයින් සඳහන් කළේ, “මෙතන උඩට පෙනෙන දර්ශනය ඉතා අලංකාරයි. ඒ වගේම උස පොල් ගස් තිබෙනවා. එම දර්ශන ඉතා චමත්කාරයි. හොදින් හිරු පායා ඇති දිනක වතුර විවිධ පාටින් දැක ගන්න පුළුවන්,” යනුවෙනි. 

පර්චස් 400 කින් සමන්විත මෙම බිම්තීරයෙන් පර්චස් 320 ක් ශ්‍රී  ලාංකිකයකු වෙතත්, ඉතිරි පර්චස් 80 විදේශිකයකු වෙතත් පෞද්ගලික හිමිකාරීත්වයක් ඇති බවට, ඒ පිළිබඳ අප කළ සොයා බැලීමේදී අනාවරණ විය.

අදාළ හිමිකාර ශ්‍රී ලාංකිකයා මෙම පොල් රුප්පාව කොන්ක්‍රීට් කනු සිටුවමින් ඉඩම් වෙන් කිරිම සිදුකර තිබේ.

මුහුදු තීරයේ සිට මීටර 300 ක් දක්වා දුරට ඉඩම් පෞද්ගලික හිමිකාරීත්වයක් යටතේ පැවතියද ඒ සඳහා අදාළ නීතිරීති පවතින බැවින් කොටවිල පොලිසිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ පිළිබඳ ලිපියක් මගින් දන්වා තිබුණි.

සමාජමාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වූ මෙම සිද්ධිය පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේද අවධානය යොමුවී තිබුණි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අද මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඉඩම් හිමිකරු, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ ප්‍රදේශීය සභාවේ නිලධාරීන් අතර සාකච්ඡාවක්ද පැවැත්වුණි. 

ඒ අනුව පෞද්ගලික හිමිකාරීත්වයක් යටතේ පැවති එම භූමියේ ඉදිකළ වැට ඉවත් කිරීමට හිමිකරු කටයුතු නොකරන්නේ නම් ඔහුට එරෙහිව වෙරළ සංරක්ෂණ පනත යටතේ නීතිමය පියවර ගැනීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නඩු කඩිනම් කිරීමට තේරීම් කාරක සභාවක් ඉල්ලීමේ යෝජනාව කතානායක වෙතට

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට සමගි ජන බලගයෙන් තේරීම් කාරක සභාවක් ඉල්ල කතානායකවරයාට යෝජනාවක් බාර දෙයි ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට...

නැගෙනහිර මුහුදු තීරය දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

​නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ​ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ...

නඩු කටයුතු කඩිනම් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලා සජබ අත්සන් තබයි

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට අදාළ යෝජනා ගැනීමට සමගි ජන බලවේගයෙ තේරීම් කාරක සභාවක් ඉල්ලයි ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට නඩු...

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ නිල කාර්යාලය ආරම්භ කිරීම අද

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ නිල කාර්යාලය ආරම්භ කිරීම අද (04) සිදු කිරීමට නියමිතව තිබේ. ඒ, කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි කොමිෂන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img