Saturday, October 31, 2026
HomeNEWSකලකිරුණු රාජ්‍ය ඇමති පියංකර සහ මන්ත්‍රී එස් බී දුක කියති

කලකිරුණු රාජ්‍ය ඇමති පියංකර සහ මන්ත්‍රී එස් බී දුක කියති

තමාට සලකන ආකාරය වැරදි වූවත් ඒ ගැන සැලීමක් නොමැති බව හිටපු අමාත්‍යවරයෙකු වන එස්. බී දිසානායක මහතා පවසයි.

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එස්. බී දිසානායක මහතා ඒ බව පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජ්‍යෙෂ්ඨත්වය අනුව මහින්ද රාජපක්ෂ මහතාට පසුව සිටින්නේ තමන් බවය.

“මට දැන් අමාත්‍යාංශයක් දුන්නත් එකයි නැතත් එකයි. මම දැන් පාර්ලිමේන්තුවේ පිටිපස්සට වෙලා ඉන්නවා. මගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව මම මහින්ද රාජපක්ෂ ළඟට ජ්‍යෙෂ්ඨ කෙනෙක්. ඊළඟට ඉන්නේ මහින්ද සමරසිංහ. කලකිරීමක් නැත්නම් අපේ ඔළුවේ අමාරුවක් තියෙන්න එපැයි. කලකිරීමක් තියෙනවා ඔළුවේ අමාරුවක් නැති හින්දා. ඒ වුණාට අපි හිනාවෙලා ඉන්නවා. මම කරපු හැම අමාත්‍යාංශයකම මම රෙකෝඩ් තියලා තියෙනවා. අපි ඔලිම්පික් මෙඩ්ල් ගෙනාවේ.අපි වර්ඩ්කප් ගෙනාවේ. මට කරපු වැඩේ වැරදියි. හැබැයි සැලීමක් නෑ.”

මේ අතර රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ද පැවසුවේ තමා ද කලකිරීමෙන් සිටින බවය.

“මට ජනතාව ඉස්සරහා වීරයෙක් වෙන්න අවශ්‍ය නෑ. ජනතාව මාව වීරයෙක් කරලා තියෙනවා. ඉතින් සමහර ප්‍රශ්න ගැන අපි හරි කනගාටු වෙනවා. වෙන පළාත්වලින් ඇවිල්ලා බලහත්කාරයෙන් දේශපාලන චණ්ඩි වෙලා කප්පම් යුගයක් නැවත ආරම්භ වෙලා. මේවා අපි කිව්වාම බීරි අලින්ට වීණා ගයනවා වගේ. නායකයෝ තීන්දු ගන්නෙත් නෑ. ඒ නිසා අපිට තීන්දු ගන්න කාලේ ඇවිල්ලා තියෙනවා. ජනතාවට තීන්දු ගන්න කාලේ ඇවිල්ලා තියෙනවා. යමක් වැරදුනා නම් නිවැරදි කිරීමේ බලය ජනතාවට තියෙනවා. මම බොහොම කනගාටුවෙන් ඉන්නේ. දේශපාලන වශයෙන් කලකිරිලා ඉන්නේ. ඇමතිවරයා විදිහට කලකිරිලා ඉන්නේ. කාටද කියන්නේ. කිව්වාම ඇහෙන්නේ නෑ. ඒ නිසා අපිටත් තීන්දු ගන්න කාලේ ඇවිල්ලා තියෙන්නේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට අගමැතිනිය ඇන්ටිගුවා සහ බාබුඩා වෙත

අග්‍රාමාත්‍යවරිය 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව යයි. 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගි වීම සඳහා...

ප්‍රජා ශක්ති යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක්-අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක සංවර්ධන වැඩසටහන් Photo Link - https://we.tl/t-qFzL0MKkTwQzUhXw Speech Link - https://we.tl/t-AmqVVErK3jnvt4GA ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන්...

රජයේ මර්දන පනත් අධිකරණයට අපහාස කිරීමක් – විපක්ෂ නායක සජිත්

රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කරමින් ඒකාධිපති ආඥාදායක පාලනයක් කරා රට ගෙන යන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ...

ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට එරෙහිව නීතිමය පියවර ගන්නවා – සමාජවාදී තරුණ සංගමය

ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට උත්සහ දරමින් සිදු කරන ප්‍රකාශවලට එරෙහිව නීතිමය පියවර ගන්නවා - සමාජවාදී තරුණ සංගමය ආගම්වාදය, ජාතිවාදය මූලික කරගනිමින් සිදුකරන ව්‍යාජ දේශපාලන විරෝධතාවයන්ට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img