Monday, October 26, 2026
HomeNEWSLatest Newsකල්මුණේඅධ්‍යාපන කලාපයේ පාසල් හෙට සිට සතියක් වසා දැමීමට නියෝග

කල්මුණේඅධ්‍යාපන කලාපයේ පාසල් හෙට සිට සතියක් වසා දැමීමට නියෝග

කල්මුණේඅධ්‍යාපන කලාපයේ පාසල් හෙට සිට සතියක් වසා දැමීමට නියෝග

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ සිදු කළ අහඹු PCR පරීක්ෂණ වලින් 21 දෙනෙකු සඳහා කෝවිඩ්- 19 වෛරසය වැළදී ඇති බවට තහවුරු වීමත් සමග කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියළු පාසල් හෙට සිට සතියක් වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මීට ස්වල්ප මොහොතකට පෙර තීරණය කළාය.

ඒ අනුව, එම පාසල් යළි ආරම්භ කරන දිනය පසුව දැනුම්දෙනු ලැබේ. මෙම තත්වය මත සිදු කරන අහඹු PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරන ලෙස ආණ්ඩුකාරවරිය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ලතාහරන් මහතාට නියෝග කළාය. 

ඊට අමතරව අක්කරෙයිපත්තු, සයින්දමරුදු සහ අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ ජීවත් වන වැසියන් මෙම අවධානම් තත්වය සලකා සෞඛ්‍ය උපදෙස් මත සංචාරණ කටයුතු නතර කර සිය නිවෙස් වලටම වී සිටින ලෙසද ආණ්ඩුකාරවරිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.  

ජනතාව සෞඛ්‍ය උපදෙස් නිවැරදිව පිළිපැඳ මෙම වෛරසය පාලනය කිරීම සදහා හැකි උපරිම සහයක් ලබා දෙන ලෙසද ආණ්ඩුකාරවරිය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...

ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු ලබන 12 වෙනිදා හෙළි කරනවා-පාඨලී

*ගිවිසුමට සම්පුර්ණයෙන්ම පටහැනිව, වාරකන් සමයේ, අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකේ වගකීමක් මට නෑ..වගකීම තියෙන්නේ ලංකා ගල් අඟුරු සමාගමට හා නැව් සංස්ථාවට...

ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 180,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු ග්‍රාමීය සංවර්ධන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img