Thursday, September 3, 2026
HomeNEWSLatest Newsකහතුඩුවේ කරනවෑමියෙකුට කොරෝනා

කහතුඩුවේ කරනවෑමියෙකුට කොරෝනා

කහතුඩුව ප්‍රදේශයේ කරනවෑමියෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබේ.

ඔහු හා සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් අද (02) දිනයේ පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කරන බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ් මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, 

“කහතුඩුව ප්‍රදේශයේ සැලූනයක කරනවෑමියෙකු කොවිඩ් රෝගියෙක් බවට හඳුනාගත්තා. ඔහුගේ ආශ්‍රිතයින් ඉතාම අසීරුවෙන් සොයා ගත්තා. 120ක පමණ ප්‍රමාණයක්. ඒ 120ක ප්‍රමාණය මේ වන විට නිරෝධායනයට ලක්වෙලා තියෙනවා. එම නිරෝධායනයට ලක්වෙන ආශ්‍රිතයින්ගෙන් රෝගයට ගොඳුරු වුවන් සොයාගැනීම සඳහා වන මෙහෙයුම ලෙස අද දින පීසීආර් පරීක්ෂාව සිදුකරනවා. අපි බලාපොරොත්තු වෙනවා අද පීසීආර් 150ක් පමණ කරන්න. සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ පදිංචිව සිටින රෝගීන් ගණන 32යි. නමුත් මෙහෙ ඇඟලුම් කර්මාන්ත ශාලවල සහ අනෙකුත් තැන්වල කරන පරීක්ෂාවලදී මෙහෙ සේවය කරන පිටපළාත්වල පුද්ගලයනුත් එකතුව 39ක් වෙනවා එකතුව.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img