Wednesday, September 2, 2026
HomeNEWSLatest Newsකෑගල්ලට නිරෝධායන ඇඳිරිනීතීය පනවන්නැයි ඉල්ලීමක්

කෑගල්ලට නිරෝධායන ඇඳිරිනීතීය පනවන්නැයි ඉල්ලීමක්

කෑගල්ල දිස්ත්‍රික්කයේ ආසාදිතයින් වැඩිවශයෙන් වාර්තා වන ප්‍රදේශ සඳහා නිරෝධායන ඇඳිරිනීතිය පනවන්නැයි දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලීමක් කරයි.

අද වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් 104 දෙනෙක් වාර්තා වී ඇතැයි ද ඒ මහතා පැවසීය.

එයින් වැඩිම ආසාදිතයින් ගණනක් ලෙස ආසාදිතයින් 26 දෙනෙක් මාවනැල්ල ප්‍රාදේශීය කොට්ඨාසයෙන් වාර්තා වී තිබේ.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා,

“ඒ වගේම බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් 14 දෙනෙකුත්, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 15 දෙනෙක් හා දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් 12දෙනෙකු වශයෙන් ප්‍රධාන වශයෙන් අපිට වාරතා වෙලා තියෙනවා. බුලත්කොහුපිටිය සහ මාවනැල්ල කොට්ඨාසවල ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගෙන් අපිට ඉල්ලීමක් ආවා තත්ත්වය ටිකක් ව්‍යාප්ත වෙලා යන තත්ත්වයක් තියෙන නිසා නිරෝධායන ඇඳිරිපනවමු කියලා. අපි ඒ සම්බන්ධව මේ වන විට ජාතික කමිටුව සඳහා හා ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීම් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ඉහළ මට්ටමින් ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. පොලීසියෙන් ඉල්ලීමක් කරා ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ සීමාවට එන පිරිස සීමා කරන්න වැඩපිළිවෙලක් ගන්න කියලා. ඒ වගේම දිස්ත්‍රික් කමිටුවෙන් අපි ගත්තා සියලුම නිවාඩු නිකේතන සහ නවාතැන්පොළවල් වසා තැබීමටත්. ඒ වගේම නිරෝධායන ප්‍රදේශ සහ රෝගීන් වැඩිවශයෙන් වාර්තා වු ප්‍රදේශවල සතිපොළවල් පැවැත්වීමත් නැවත දැනුම්දෙන තුරු තාවකාලිතව අත්හිටුවීමටත් කටයුතු කළා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා (64) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි.

ඉරානයට පහර දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නිසා, ඉරාන ඉලක්ක වෙත පහර දෙන බව අමෙරිකානු හමුදාව පවසයි. බන්ඩර් - අබ්බාස් හි නැගෙනහිරින් පිපිරීම් සිදු වූ බව ඉරාන...

අගෝස්තු මාසය තුළ පමණක් රස පරීක්ෂක වාර්තා 9081ක් නිකුත් කිරීමට පියවර ගත්තා-අධිකරණ ඇමති

මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයින්ට කිසිම සමාවක් දෙන්න සුදානම් නැහැ.පසුගිය අගෝස්තු මාසය තුළ පමණක් රස පරීක්ෂක වාර්තා නව දහස් අසු එකක් නිකුත් කිරීමට පියවර ගත්තා.අධිකරණ ඇමති...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img