Saturday, October 24, 2026
HomeNEWSLatest Newsකෑගල්ලට නිරෝධායන ඇඳිරිනීතීය පනවන්නැයි ඉල්ලීමක්

කෑගල්ලට නිරෝධායන ඇඳිරිනීතීය පනවන්නැයි ඉල්ලීමක්

කෑගල්ල දිස්ත්‍රික්කයේ ආසාදිතයින් වැඩිවශයෙන් වාර්තා වන ප්‍රදේශ සඳහා නිරෝධායන ඇඳිරිනීතිය පනවන්නැයි දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලීමක් කරයි.

අද වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් 104 දෙනෙක් වාර්තා වී ඇතැයි ද ඒ මහතා පැවසීය.

එයින් වැඩිම ආසාදිතයින් ගණනක් ලෙස ආසාදිතයින් 26 දෙනෙක් මාවනැල්ල ප්‍රාදේශීය කොට්ඨාසයෙන් වාර්තා වී තිබේ.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා,

“ඒ වගේම බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් 14 දෙනෙකුත්, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 15 දෙනෙක් හා දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් 12දෙනෙකු වශයෙන් ප්‍රධාන වශයෙන් අපිට වාරතා වෙලා තියෙනවා. බුලත්කොහුපිටිය සහ මාවනැල්ල කොට්ඨාසවල ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගෙන් අපිට ඉල්ලීමක් ආවා තත්ත්වය ටිකක් ව්‍යාප්ත වෙලා යන තත්ත්වයක් තියෙන නිසා නිරෝධායන ඇඳිරිපනවමු කියලා. අපි ඒ සම්බන්ධව මේ වන විට ජාතික කමිටුව සඳහා හා ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීම් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ඉහළ මට්ටමින් ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. පොලීසියෙන් ඉල්ලීමක් කරා ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ සීමාවට එන පිරිස සීමා කරන්න වැඩපිළිවෙලක් ගන්න කියලා. ඒ වගේම දිස්ත්‍රික් කමිටුවෙන් අපි ගත්තා සියලුම නිවාඩු නිකේතන සහ නවාතැන්පොළවල් වසා තැබීමටත්. ඒ වගේම නිරෝධායන ප්‍රදේශ සහ රෝගීන් වැඩිවශයෙන් වාර්තා වු ප්‍රදේශවල සතිපොළවල් පැවැත්වීමත් නැවත දැනුම්දෙන තුරු තාවකාලිතව අත්හිටුවීමටත් කටයුතු කළා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img