Sunday, November 8, 2026
HomeNEWSකළු ගඟ දෙපස ගංවතුර ගැන අනතුරු ඇඟවීමේ නිවේදනයක්

කළු ගඟ දෙපස ගංවතුර ගැන අනතුරු ඇඟවීමේ නිවේදනයක්

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් හෙට (01) පස්වරු 03 දක්වා වලංගු වන පරිදි කළු ගඟ ද්‍රෝණියට අදාළව ගංවතුර පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඉදිරි පැය 24 තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම සහ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත බිම් ප්‍රදේශවල සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය.

ඒ අනුව එම ප්‍රදේශවල සිටින පුද්ගලයින් මේ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් පසුවන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.

කළු ගඟ ද්‍රෝණියට අදාළව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්.

මේ අතර දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04ක් අඩි 03 බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අද (31) දහවල් එලෙස වාන් දොරටු විවෘත කිරීම සිදු කර ඇත.

වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් තත්ත්පරයට ජලය ඝන අඩි 8,400ක් දැදුරුඔයට මුදාහැරෙන බවද දැදුරුඔය ජලාශය භාර වාරිමාර්ග කාර්යාලය සඳහන් කළේය.

දැදුරුඔයේ වාන් මට්ටම අඩි 72ක් වන අතර, මේ වන විට අඩි 70.8 ක ජල ප්‍රමාණයක් ජලාශයට ලැබී ඇති බවද වාරිමාර්ග කාර්යාලය සඳහන් කරයි.

එමෙන්ම වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් පහත් ප්‍රදේශවල ජල ගැලීමේ තත්ත්වයක් ඇති නොවන බවද දැදුරුඔය ජලාශය භාර වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img