Friday, July 17, 2026
HomeNEWSක්ලීන් ශ්‍රීලංකා වැඩසටහනට රාජ්‍ය නොවන සංවිධාන වල පුර්ණ සහය.

ක්ලීන් ශ්‍රීලංකා වැඩසටහනට රාජ්‍ය නොවන සංවිධාන වල පුර්ණ සහය.

ක්ලීන් ශ්‍රීලංකා වැඩසටහනට රාජ්‍ය නොවන සංවිධාන වල පුර්ණ සහය.ක්ලීන් ශ්‍රීලංකා වැඩසටහන සදහා රාජ්‍ය නොවන සංවිධාන වල අදහස් විමසිමේ වැඩසටහනක් පසුගියදා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ කැඳවීමකට අනුව, අමාත්‍යංශයේ අතිරේක ලේකම් දමයන්ති කරුණාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන්, “ක්ලීන් ශ්‍රී ලංකා” සඳහා වූ ජනාධිපති විශේෂ කාර්ය ශාදක බලකායේ සහභාගිත්වයෙන් සාකච්ඡාව පැය දෙක හමාරකට අධික කාලයක් පැවති අතර, වැඩසටහන අවසාන භාගයේදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා ද එක් වූ අතර clean sri lanka, වැඩසටහන සඳහා රාජ්‍ය නොවන සංවිධානවල සහභාගිත්වය හා සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලීමක් ද කෙරිණි. එයට සහභාගි වූ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින්, මෙවැනි වැඩසහනක් ඉමහත් බලාපොරොත්තුවෙන් සිටි වැඩසටහනක් බවත්, එම වැඩසටහන තුළින් සමාජයට විශාල බලපෑමක් සිදු කිරීමේ හැකියාවක් පවතින බවත්, එහෙත් වැඩසටහන පිලිබද පූර්ව දැනුවත් කිරීම් සිදු කොට ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයද ඔවුන් විසින් දන්වන ලදී.රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් සංවිධාන ජාතික එකමුතුව, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සාමූහිකය හා එම කණ්ඩායම් දෙකටම අයත් නොවන රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයන්ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img