Thursday, September 3, 2026
HomeNEWSLatest Newsකාදිනල් තුමා සමාව ඉල්ලලා නැහැ.. ...හරීන්ගේ තවත් බොරුවක් පත්තුවේ.

කාදිනල් තුමා සමාව ඉල්ලලා නැහැ.. …හරීන්ගේ තවත් බොරුවක් පත්තුවේ.

කාදිනල් තුමා සමාව ඉල්ලලා නැහැ.. …හරීන්ගේ තවත් බොරුවක් පත්තුවේ.

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් තමාට සමාවන්න කියා පැවසූ බවට සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා කරන ලද ප්‍රකාශය කිසිදු සත්‍යතාවයක් නොමැති බවට තොරතුරු වාර්තා වේ. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දැඩි බල කිරීම මත ාදිනල් හිමිපාණන් මුණගැසීමට හරීන් ප්‍රනාන්දු මහතා පැමිණ තිබේ. තමාගේ පියා සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් කරන ලද ප්‍රකාශයෙන් තමාගේ හිත රිදුනු බව හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කොට ඇත. ඒ ගැන තමන් නොදන්නා බවත් එවැනි දෙයක් සිදු වේ කියා තමන් දැන සිටියේ නම් ැනි දෙයක් ප්‍රකාශ නොකරන බවත් තමන් ඒ ගැන කණගාටු වන බවත් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කොට තිබේ. නමුත් හරින් ප්‍රනාන්දු මහතා සිදුකරන ලද අපහාසය සම්බන්ධයෙන් මෙහිදී කිසිදු ඒ සම්බන්ධයෙන් කිසිදු කතාබහකද් සිදු වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් කිසිදු ආකාරයකින් සමාවන්න යනුවෙන් ප්‍රකාශ කොට නොමැති බව ද වාර්තා වේ. නමුත් එම හමුවීමෙන් අනතුරුව හරින් ප්‍රනාන්දු මහතා ඡන්ද රැස්වීමකදී ප්‍රකාශ කළේ කාදිනල් හිමිපාණන් සමාවන ලෙස තමන්ට ද පැවසූ බවයි. හරීන් ප්‍රනාන්දු මහතාගේ පියා සම්බන්ධව සිදු කළ ප්‍රකාශය ගැන කනගාටුව පළකර ඇති කාදිනල් හිමිපාණන් කිසිදු ආකාරයකින් සමාවක් ඉල්ලා නොමැති බවද වාර්තා වේ. කෙසේ නමුත් කාදිනල් හිමිපාණන් තමන්ට සමා වන ලෙසට ප්‍රකාශ කළ බවට හරීන් ප්‍රනාන්දු මහතා කර තිබෙන ප්‍රකාශයක් ගැන කතෝලික සභාවේ දැඩි අවධානය යොමු වී තිබෙන බවද වාර්තා වේ. ඉදිරියේදී හරීන් ප්‍රනාන්දු මහතා හෝ සමගි ජන බලවේගය කිසිවකු ෙම සිද්ධිය මුල් කරගෙන කාදිනල් හිමිපාණන් ගැන ප්‍රකාශයක් සිදුකළ හොත් අනිවාර්යෙන්ම ඊට පිළිතුරු ලබාදීමට කතෝලික සභාව තීරණය කොට ඇති බවද විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img