Friday, September 11, 2026
HomeNEWSකාන්තාවන් වෙනුවෙන් වැඩිම වැඩ කොටසක් සිදු කළ ජනාධිපති අපේක්ෂකයා රනිල් - අජිත්...

කාන්තාවන් වෙනුවෙන් වැඩිම වැඩ කොටසක් සිදු කළ ජනාධිපති අපේක්ෂකයා රනිල් – අජිත් රාජපක්ෂ.

මේ රටේ කාන්තාවන් වෙනුවෙන් වැඩිම වැඩ කොටසක් සිදු කළ ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපති අපේක්ෂකයින් 38 දෙනාගෙන් මේ රටේ කාන්තාවන් වෙනුවෙන් වැඩිම වැඩ කොටසක් සිදුකර ඇත්තේ ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා වීරකැටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවැති මුල්කිරිගල ආසනයේ කාන්තා බල මණ්ඩල රැස්වීම අමතමිනි.මෙම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු දේශපාලන නියෝජිතයින් රැසක් සහභාගි වූහ. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා,” විශේෂයෙන් මා සතුටු වෙනවා අද දවසේ. කාන්තාවන් කණ්ඩායමක් එක්ක මුල්කිරිගල ආසනේ මේ වගේ සාකච්ඡාවක යෙදෙන්න අවස්ථාව ලැබීම ගැන.මා විශ්වාස කරන්නේ මේ ඉල්ලන ජනාධිපති අපේක්ෂකයෝ 38 දෙනාගෙන් කාන්තාවන්ට වැඩියෙන්ම ගෞරව කරන නායකයා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා.මං එහෙම කියන්නේ සාක්ෂි ගොඩක් තියෙන හින්දා.එකක් තමයි පහුගිය කාලේ පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කතානායකතුමා ඉල්ලා අස්වෙනවා ඒ වෙලාවේ නම් ගොඩක් එනවා නියෝජ්‍ය කතානායකවරයා හැටියට පත් කරන්න .ඊට පස්සේ මගේ නම අපේ පක්ෂයෙන් යෝජනා කරාම අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අදහසක් තිබ්බා කාන්තාවක් දැම්මොත් වැඩිය හොඳයි කියලා.දැන් එතුමා බැලුවා කාන්තාවක් දාන්න.ඒ වෙලාවේ ලොකු ඡන්දයක් තිබුණේ.පාර්ලිමේන්තුවේ සාමාන්‍ය කතානායකවරයෙක් තෝරනවා වගේ නෙමෙයි බොහොම සංකීර්ණ අභියෝගාත්මක ඡන්දයක්.අරගලය ඇවිල්ල පක්ෂ දේශපාලනය උඩු යටිකුරු වෙලා.ලොකු ප්‍රශ්න සහගත වෙලාවක්.ඒ නිසා ඒ වෙලාවේ කාන්තාවක් විතරක් ආවොත් සමහරවිට චන්දෙ දි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා අන්තිමට මගේ නමයි හැබැයි විපක්ෂයෙන් කාන්තාවකගේ නමක් ආවා.ඒ වෙලාවේ මාව වැඩි ඡන්දෙන් තේරුනා.ඒ වගේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කොයි වෙලෙත් කාන්තාවන්ට තැන දෙන්න තමයි කටයුතු කළේ. දැන් අපි පාර්ලිමේන්තුවේ තියෙනවා කාන්තා සංසදයක්.අලුතෙන් හැදුවේ. මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වුණාම තමයි ඒ කාන්තා සංසදය හැදුවේ.පාර්ලිමේන්තුවේ අලුතින් කාරක සභා 16 ක් පිහිටෙව්වා.ඒ කාරක සභාවල එකක් කාන්තාවන් වෙනුවෙන් වෙන් කළා.ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ කාන්තා මන්ත්‍රීතුමියන්ලා පමණක් එකතු කරලා තව එකක් හැදුවා ජනාධිපතිතුමා.ඒ තරම් කාන්තාවන්ට තැනක් දෙන්න ඕන කියලා ඉන්න නායකයෙක්.මට මතකයි අන්තිමට පාර්ලිමේන්තුවේ පනතක් සම්මත වුණා. කාන්තාවන් සම්බන්ධව ගීතා කුමාරසිංහ අපේ හිටපු රාජ්‍ය ඇමතිතුමීට පනත හරියට කියව ගන්නවත් බැරි උනා.මං අන්තිමට බලෙන් වගේ කියලා තමයි පනත සම්මත කරලා දුන්නේ.කාන්තාවන් වෙනුවෙන්මයි ඒ පනත ආවේ.ඊට කලින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා පනතක් ගෙනාවා ස්ත්‍රීන් ළමුන් සේවයේ යෙදවීමේ තියෙන අභියෝග වලට අලුත් නීතියක් ගෙනාවා. ඒකත් පාර්ලිමේන්තුවේ සම්මත කලා.ඊට පස්සේ අද අපේ රටේ විවාහ නීති ප්‍රශ්න තියෙනවා.උඩරට නීතිය ගැන වෙනම පනතක් ගෙනාවා.ඒකත් පාර්ලිමේන්තුවේ සම්මත කළා .ඒ විදිහට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඔය අතන මෙතන කයිවාරු ගහන කෙනෙක් නෙමෙයි.අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග හදලා තියෙනවා අපේ රටේ.දැන් ඔය එක එක්කෙනා කියනවා ෆයිල් ගොඩවල් තියෙනවා අච්චර තියෙනවා මෙච්චර තියෙනවා.හොරකම් කරලා කියලා.නමුත් පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා උනාට පස්සේ දූෂණ විරෝධී පනත සම්මත කළා.දැන් ඕන කෙනෙකුට රුපියලක් හොරකම් කරත් යන්න තැනක් හදලා තියෙනවා.නීතියක් රටේ සම්මත කරලා තියෙනවා.ඒ විදිහට මේ රටේ රටක් හැටියට ඉස්සරහට ගෙනියන්න ලෝකයේ දියුණු රටවල් හා සමාන නීති පද්ධතියක් සකස් කරන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා කටයුතු කරලා තියෙනවා.ඒ නිසා අද අපේ රටේ කාන්තාවන් කියන්නේ කවුද කියන එක ගැන හොඳ අවබෝධයක් තියෙන නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා .එතුමා පහුගිය කාලේ දිගින් දිගටම කතා කළේ ඔය දැන් කාන්තාව සම්බන්ධ කරගෙන වැඩි පොලියට ණය දෙන මොකක් හරි එකක් තියෙනවනේ.ඕකට නීති ගේන්න ඕනේ කියලා. ඕකේ ඊට වඩා පහළට ගෙනල්ලා ඒ කාන්තාව ශක්තිමත් කරන්න මීට වඩා හොඳ නීති මේ රටේ ක්‍රියාත්මක කරන්න ඕන කියලා.ඒකට වැඩපිළිවෙලක් එතුමා හැදුවා.ඒ වෙනුවෙන් කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය අනාගතය ඔබේ සිතුවිලි මේ හැම දෙයක් ගැනම සුවිශේෂී වූ අවධානයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා තියාගෙන ඉන්නවා.එතුමා කොයි වෙලාවෙත් මේ රටේ ප්‍රශ්නයක් ඇතිවෙනකොට කාන්තාව මොන විදිහට ඒකට මුහුණ දෙනවද කියන එක ගැන හොඳ අවබෝධයක් තියෙනවා. දැන් විශේෂයෙන් අපේ ඇමතිතුමා සඳහන් කළ විදිහට උතුරු නැගෙනහිර යුද්දෙ තිබුණට අපේ කාන්තාවෝ දුක්වින්දා.අපි දැක්කා ගෙදර තමන්ගේ ස්වාමියා හෝ ඥාතියෙක් උතුරෙ ඉන්නවනම් ඒ වෙනුවෙන් කම්පා වුණා . ඒ වෙනුවෙන් ඒ මහන්සිය ඒ තිබිච්ච සංවේදීකම හිතේ දරාගෙන හිටියා.සමහර වෙලාවට පෝය කිට්ටු වෙනකොට දවස් තුනකට කලින් බෝධිපූජා තියන්නේ කාන්තාවෝ. රටට සෙත් පතනවා තමන්ගේ ඥාතියට සෙත් පතනවා .ඒ විදිහට තමන්ගේ වගකීම් ඉතාමත් ඉහළින් ගත්තා.ඊට පස්සේ යුද්ධය ආවම බෝම්බ පත්තු වෙනවා.වාහන වල යන්න බෑ අපේ කාන්තාවෝ අම්මලා අඬල හිටියේ. මට මතකයි.ජෙනරල් පාරමී කුලතුංග කොට්ටාව හන්දියේදී බෝම්බ තියලා මැරෙනකොට ,එදා හරියටම පාසල් වේලාව තුළදී තමයි බෝම්බ තියලා පත්තු උනේ.ඒ බෝම්බේ පත්තු උන වෙලාවේ කොට්ටාව හන්දියේ මහා ගිනි ගොඩක් සමහර අම්මලා රෑට ඇඳගෙන හිටිය රාත්‍රි ඇඳුම පිටින් තමයි කොට්ටාව හන්දියට දිව්වේ. ඒ කියන්නේ තමාගේ දරුවා ඒ වෙලාවේ පාරේ.ඒ බස් බෝම්බෙට හව් වෙච්ච ළමයා තමන්ගේද කියලා සැකයක් තිබුණා.එහෙම අම්මලා හඬට පත්තු වෙන රතිඤ්ඤා කරල ට පවා බය වෙච්ච රටක් අපේ රටේ තිබුණේ. ඒ වගේම තමයි භීෂණය කාලේ දැන් ඔය ජනතා විමුක්ති පෙරමුණ ගොඩක් කාන්තාවන් වෙනුවෙන් හඬ නගනවා.මේ රටේ වැඩිම කාන්තාවන් අඩවලා තියෙන දේශපාලන ව්‍යාපාරයක් තිබේ නම් ඒ ව්‍යාපාරය තමයි ජනතා විමුක්ති පෙරමුණ.දැන් මට මතකයි එහා පැත්තේ බෝලානේ අම්බලන්තොට වලවේ ගඟෙන් එහා පැත්තේ තියෙන තැපැල් කන්තෝරුව.ඒ තැපැල් කන්තෝරුවේ තැපැල් ස්ථානාධිපතිතුමියට දරුවෙක් හම්බවෙලා හිටියා මාස තුනයි.දරුවාට කිරි දෙන්න quarters එකේ ලයිට් දැම්මා කියලා ඒ අම්මා මරලා දැම්මා.තැපැල් ස්ථානාධිපතිතුමියක් කිසි අනුකම්පාවක් නෑ .අපේ ගෙවල් ළඟ වැටීයේ ට්‍රාන්ස්ෆෝමරයක් තිබ්බා.ට්‍රාන්ස්ෆෝමරය මුර කරන්න හමුදා අනු කණ්ඩායමක් හිටියා.ඒ අනුකණ්ඩායම ළඟ එහා පැත්තෙ වැටියේ හිටියා අම්මා කෙනෙක් .ළමයි හය දෙනෙක් එක්ක තමන්ගේ මහත්තයා නැතුව ජීවත් වුණේ.ඒ හමුදා අනුකණ්ඩයට ගෙනත් දෙන කෑම ටික තමයි ඒ අම්මා කෑවේ.ඒ දරුවන්ට දුන්නේ කෑම ටික.ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ ගිහිල්ලා ඒ අම්මා මරලා දැම්මා.ළමයි හය දෙනා ඉතුරු වෙද්දි අම්මා මරලා දැම්මා.හමුදාවට ඔත්තු දුන්නා කියලා.හමුදාව දීපු ඉතුරු බත් ටික කන අම්මා මරලා දැම්මා.ඒ වගේ කිසි අනුකම්පාවක් නැති මේ රටේ කාන්තාවන් අඩවපු දේශපාලන ව්‍යාපාරයක් තියේ නම් ඒ ව්‍යාපාරය තමයි ජනතා විමුක්ති පෙරමුණ.ඒ නිසා අද බොරුවට කිඹුල් කඳුළු හෙළලා විවිධ විදිහට කාන්තාවෝ රවට්ටල.මේ රටේ අනාගතයේ විනාශ කරන්න උප්පරරවැට්ටි ගහන දේශපාලන ව්‍යාපාරයක් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ.ඒ නිසා ආදරණීය සියලු දෙනාට කියන්නේ මේ රටේ ඔබ වෙනුවෙන් යුතුකම් කරන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් තියේ නම් වර්තමානයේ දී ඔය ඉල්ලන ජනතා අපේක්ෂකයන් 38 දෙනාගෙන් එකම එක්කෙනා රනිල් වික්‍රමසිංහ කියන එකයි මම තමුන්නාන්සේලාට කියන්නේ. ඒ නිසා උතුරේ අම්මද දකුණේ අම්මද කියලා වෙනසක් නෑ හැම අම්ම කෙනෙක්ගෙම වේදනාවන් එතුමා දැන ගෙන ඉන්නවා.ඒ නිසා තමයි අද මේ රට පුරාම හැම කෙනෙක්ම එදා නිහඩව හිටපු හැම කෙනෙක්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා කෙරෙහි විශ්වාසය තබලා තියෙන්නේ. ඔබ බොහොම කලබලයි ඔබට බොහොම ප්‍රශ්න තියෙනවා. මට මතකයි අරගලේ වෙලාවේ රටේ ප්‍රශ්න දවසින් දවස ගොඩනැගෙනවා.සබන් නෑ කිව්වම අපේ අම්මල ගිහිල්ල කඩේ තියෙන ඔක්කොම සබන් ටික එකතු කරා.සබන් නැති වෙන්නම එකතු කලා.ඊට පස්සේ රෑට ටීවී එකේ බැලුවම රාක්කවල පෙන්නනවා ෆුඩ්සිටි වල පිටි නෑ කියලා .අනේ පාන්පිටි ටික ගමේ තිබිච්ච ඔක්කොම ටික අම්මල ගිහිල්ල එකතු කරා.ඒ අම්මලගේ තියෙන වේදනාව ගෙදර කුස්සියේ වගකීම එතුමන්ලා ගත්තා.ඒ නිසා කුස්සිය හරියට ක්‍රියාත්මක වුණේ නැත්නම් මුළු පවුලම අනතුරේ කියලා අපේ අම්මලා දන්නවා. ඒ නිසා මේ හැම දෙයක් ගැනම රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවධානයෙන් ඉන්නේ.ඒ නිසා තමයි වැටිච්ච රට අද ගොඩනගලා ඩොලර් එක රුපියල් 450ට තිබිච්ච ඩොලර් එක අඩු කරලා අඩු කරලා…බඩු මිල අඩු වේගෙන අඩුවේගෙන පල්ලෙහාට ගෙනාවේ මේ රටේ අලුතෙන් රුපියල් අච්චු ගහල වත් ඩොලර් අච්චු ගහලවත් නෙමෙයි. මේ රටේ හදපු කළමනාකරණය හරියට කරපු නිසා එතුමට අවුරුදු දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත රට ශක්තිමත් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා.ඒනිසා මේ ශක්තිමත් භාවය ඉස්සරහට අවශ්‍යයි.ඒ ශක්තිමත්භාවය නැති වුනොත් ඔබට දුක් විඳින්න වෙනවා. ඔබට තමයි ඔබේ මහත්තයා ඔබේ දරුවා විඳින වේදනාවන් දැනෙන්නේ.ඒ නිසා මේ රට විකෘති දේශපාලන තත්ත්වයන්ට බාර දෙන්න පුළුවන්කමක් නැහැ.දේශපාලන වේදිකාවේ බොරු බයිලා ගහලා ගහලා මේ රටේ මිනිස්සුන්ව රවට්ටන දේශපාලන ව්‍යාපාර වලට රට බාර දෙන්න පුළුවන් කමක් නැහැ.ජනතාවට දුක් වේදනාවන් දීලා බලහත්කාරයෙන් ජනතාව පාලනය කරන්න ගන්න උත්සාහයන්ට අපිට කිසිසේත් ඒ දේශපාලන ව්‍යාපාරවලට ඉඩ දෙන්න පුළුවන්කමක් නැහැ .ඒ නිසා අපි මේ වෙලාවේ ගම්වල හැම කෙනෙක්ම මේ වෙලාවේ රටට ඕන නායකයා රනිල් වික්‍රමසිංහ . ඒ නිසා තමයි අපිත් සීයලා ආච්චිලා ගෙනාපු දේශපාලන සංස්කෘතියෙන් එහාට ගිහිල්ලා .රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය දෙන්නේ.ඒකෙ ඇතුලේ දේශපාලනයක් අපේ නැහැ.ඒකේ ඇතුලේ පක්ෂයක් අපිට නැහැ.අපිට ඕනේ මේ වෙලාවේ රටට වගකියන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන එක විතරමයි අපට තියෙන්නෙ.ඒ නිසා ආදරණීය ඔබ සියලු දෙනා එකතු වෙලා ඉන්නේ ඒ විශ්වාසය ඇතුව.ඒ නිසා ඒ විශ්වාසය මුල්කිරිගල ආසනය පුරාම මේ හම්බන්තොට දිස්ත්‍රික්කය පුරාම පතුරුවලා ඇමතිතුමා කිව්වා වගේ එන 21 වෙනිදා ඡන්ද පෙට්ටි පුරවනකොට ගෑස් සිලින්ඩර ලකුණ ඉස්සරහ කතිරේ ගහලා ඡන්ද පෙට්ටි ගෑස් සිලින්ඩර ලකුණින් පුරවමු කියලා ඔබට ආරාධනා කරනවා කියලා මම නිහඩ වෙනවා” යනුවෙන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img