Monday, November 9, 2026
HomeNEWSකාන්තා දිනයේ විරෝධතාවයක නිරත කාන්තාවන්ගේ සුවදුක් බලන්න සිසිල්පැන් අරන් ආණ්ඩුකාරවරිය යයි.

කාන්තා දිනයේ විරෝධතාවයක නිරත කාන්තාවන්ගේ සුවදුක් බලන්න සිසිල්පැන් අරන් ආණ්ඩුකාරවරිය යයි.

යුද්ධයෙන් අතුරුදන් වු පුද්ගලයින්ගේ පවුල්වල කාන්තාවන් පිරිසක් අද(08) පෙරවරුවේ සිට ත්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිටට රැස්වී විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් සිටි අතර ඔවුන්ගේ දුක් ගැනවිලි ඇසිම සඳහා පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය එම ස්ථානයට ගියාය.

අතුරුදන් වූ සිය පවුල්වල සාමාජිකයින්ගේ මරණ සහතික ලබා ගැනීමට ඇති බාධාවන් සහ ආර්ථික ගැටළු පිළිබදව එම කාන්තාවන් මෙහිදී ආණ්ඩුකාරවරියට පැවසුහ.

ආණ්ඩුකාරවරිය එම කාන්තාවන්ට පවසා සිටියේ ඔවුන්ට පවතින ගැටළු වෙන් වෙන්ව ආණ්ඩුකාර කාර්යාලය මගින් ස්ථාපිත කර ඇති සමාජ අසාධාරණයන්ට ලක්වූ පුද්ගලයින්ගේ ගැටළු විමසා බැලීමේ කමිටුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසයි.

එසේ ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ගේ ගැටළු සඳහා විසදුම් ලබාදිමේ කටයුතු සිදු කිරීමට හැකි බවද ආණ්ඩුකාරවරිය කියා සිටියාය.

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන අද දිනයේ ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපසට පැමිණි එම කාන්තාවන්ට ආණ්ඩුකාරවරිය අතින් සිසිල් පැන් සංග්‍රහයක් ලබාදීම ද විශේෂත්වයකි.

අනතුරුව මද වේලාවක් එම ස්ථානයේ සිටි එම කාන්තාවන් පිරිස ඉන් ඉවත්ව ගියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිවිසුම් කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ගිවිසුම් හා බැඳුම්කර කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE කමිටුවේදී අනාවරණය වෙයි. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ...

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හෙවත් Hongqiao ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවය ශංහයිහිදී පැවැත්වුණා. පසුගිය(5)...

2025 පැවැති 5.8%ක සංවර්ධනය 2026 වන විට 4.2% දක්වා අඩුවී තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක්...

අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රා.ලේ. කොට්ඨාශවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img