Wednesday, November 11, 2026
HomeNEWSකාබනික පොහොර ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහතිකයක්

කාබනික පොහොර ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහතිකයක්

මෙරට ජෛව විවිධත්වයට හා පසට අහිතකර කිසිදු පොහොර වර්ගයක් ආනයනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු නොකරන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි.

රට තුළට කාබනික පොහොර තොග ගොඩබෑමට අවසර ලබාදෙනු ලබන්නේ එම පොහොර සාම්පල වරක් නොව දෙවරක් පරික්ෂා කිරීමෙන් අනතුරුව බව ඒ මහතා සඳහන් කළේය.

මහනුවර, පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කෘෂිකර්ම අධ්‍යක්ෂ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා ඒ බව පැවසීය.

“1999 අංක 35 දරන ශාක ආරක්ෂණ පනත යටතේ ලංකාවට යම්කිසි දෙයක් ගෙනඑනවා නම් ක්ෂුද්‍ර ජීවීන්, විශේෂයෙන්ම ව්‍යාදිජනක ක්ෂුද්‍ර ජීවීන් ගෙන ඒම සඳහා කිසිම අවකාශයක් නැහැ. ඉතින් මේ අවස්ථාවේදී කාබනික සම්භවයකින් යුත් පොහොර ලංකාවට ගෙන ඒම සඳහා විධිමත් ක්‍රමවේද හරහා යන අතරතුරදී පසුගිය දවස්වල ඒ සඳහා ආ සාම්පලක් සම්බන්ධයෙන් ලොකු ආන්දෝලනාත්මක ප්‍රකාශන ගිහිල්ලා තිබුණා. සම්පුර්ණ පොහොර ප්‍රමාණ ලංකාවට රැගෙන ආවත්, පිටරටකදී ඒවා පරික්ෂාවකට භාජනයකරලා තිබුණාත්, නැවෙන් ගොඩබෑමට ප්‍රථම අපි නැ‍වතත් සියලුම පරීක්ෂණ කරලා තහවුරු වුණොත් විතරයි අපි ලංකාවට ගෙනඑන්නේ.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img