කැනඩාවට යවන බව කියා මුදල් වංචා කළ අටුලුගම පුද්ගලයෙක් අත්අඩංගුවට
කොළඹ නගරයේ විවිධ එජන්සි පවත්වාගෙන යමින් කැනඩාව ට රැකියා සඳහා පුද්ගලයින් යොමුකරන බව පවසමින් මුදල් ලබාගත් පුද්ගලයෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (30) දිනයේ දී අදාළ සැකකරු පානදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරු විවිධ පුද්ගලයින්ගෙන් ලක්ෂ 30කට ආසන්න මුදල් ප්‍රමාණයක් වංචා කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
එම මුදල් ලබාගැනීමෙන් අනතුරුව අදාළ සැකකරු අතුරුදන්ව සිට ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
අත්අඩංගුවට පත් සැකකරු 29 හැවිරිදි අටුලුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අද (31) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.






















