පාස්කු සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන ආකාරය අධිකරණ ඇමති පවසයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් සඳහා නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
අමාත්‍යවරයා පවසා සිටියේ, කොමිසම් සභා වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු ඉදිරි මාස දෙකක කාලය තුළ ඔවුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකරනු ඇති බවය.
කොළඹ දී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අලි සබ්රි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.






















