අවිසාවේල්ල සිට කොළඹ කොටුව දක්වා උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය අද (22) ධාවනය නොවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එහි ප්රකාශකයෙකු සඳහන් කළේ, කොළඹ කොටුවෙන් අවිසාවේල්ල බලා ඊයේ රාත්රී ධාවන වූ අදාළ දුම්රිය අතර මීගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී පිලී පැනීමකට ලක්ව ඇති බවය.
මේ හේතුවෙන් අවිසාවේල්ල සිට උදෑසන ධාවනය සඳහා වෙනත් දුම්රියක් යෙදවීමට නොහැකි වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
කෙසේ වෙතත් පාදුක්කේ සිට වග දුම්රිය ස්ථානය දක්වා දුම්රියක් ධාවනය කිරීමට පියවර ගත් බව දුම්රිය බලධාරීන් සඳහන් කළේය.






















