ඉන්දියාවේ සිරගත කර සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ “කිඹුලා ඇලේ ගුණා” නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයෙකුව විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (28) පස්වරුවේ බ්ලුමැන්ඩල් පොලිස් වසමේ රෙඩිබානා ඇළ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී විවිධ වර්ගයේ විෂ මත්ද්‍රවය රැසක් සමග එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 13ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01ක් කේරළ ගංජා ග්‍රෑම් 22ක් සහ “PREGA TABLETS” නම් මත්පෙති 160ක් සොයාගෙන තිබේ.
එමෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 150,200 මුදලක්, මත්ද්‍රව්‍ය අලෙවිකිරීම සඳහා යොදාගත් ජංගම දුරකථන 03ක් ද සැකකරු සතුව තිබී සොයා ගෙන ඇත.
සැකකරු 27 හැවිරිදි අලුත් මාවත, කොළඹ 15හි ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු බ්ලුමැන්ඩල් පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
“කිඹුලා ඇලේ ගුණා” නැමැත්තාට 1999 වසරේ කොළඹ නගර සභා පිටියේ දී පැවති මහජන රැස්වීමක දී එවක ජනාධිපති අපේක්ෂිකා චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉලක්ක කරගනිමින් එල්ලවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇත.






















