Sunday, November 8, 2026
HomeNEWSශ්‍රී ලංකා ධජය චෙන්නායි හි එසවූ මුලතිව් තරුණිය

ශ්‍රී ලංකා ධජය චෙන්නායි හි එසවූ මුලතිව් තරුණිය

ඉන්දියාවේ, චෙන්නායි නුවර පැවති බොක්සිං තරඟයකින් මුලතිව් දිස්ත්‍රික්කයේ පදිංචි තරුණියකට රන් පදක්කමක් හිමිව ඇත.

INTERNATIONAL BRAVE BOXING COUNCIL විසින් සංවිධානය කළ එම බොක්සිං තරගාවලියේදී මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි යෝගරාසා නිදර්ශනා තරුණිය රන් පදක්කමක් දිනාගෙන ඇත.

බොක්සිං පුහුණුකරු නන්දකුමාර් මහතා යටතේ පුහුණුව හැදෑරු හතරදෙනෙකුගෙන් යුතු උතුරු පළාතේ කණ්ඩායමක් පසුගිය 26 වැනිදා පැවති තරගාවලිය වෙනුවෙන් සහභාගි වි ඇති අතර, එහිදි නිදර්ශනා රන් පදක්කමක් හිමිකරගෙන තිබේ.

වවුනියාව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එස්. ශ්‍රීදරන් හා ටි.නාගරාජා යන ක්‍රීඩකයින්ද, මුලතිව් දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඊ. ක්‍රිෂ්ණවේණි හා යෝගරාසා නිදර්ශනා යන ක්‍රීඩිකාවන්ද එම තරගාවලියේ සඳහා සහභාගී වූහ.

ජයග්‍රාහණය ලැබු දැරියගේ පියා අහිමිව ඇති අතර,දැරිය මව සමඟ කෘෂිකාර්මික කටයුතු සිදුකරමින් ජිවිකාව ගෙන යන බව ප්‍රදේශවාසීන් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළට

දේශීය සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල (50kg) රු.100 කින් ඉහළට: සිමෙන්ති සමාගම්.

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img