රුපියල් කෝටි 05කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු පේසාලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
තලෙයිමන්නාරම පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
පේසාලේ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04යි ග්‍රෑම් 885 මෙහිදී සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වා ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.
සැකකරු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.






















