Saturday, August 15, 2026
HomeNEWS"කිරින්ද ඛනිජ වැලි නිධියෙහි කැණීම් කටයුතු රජයේ මැදිහත්වීමෙන් ක්‍රමවත්ව සිදු කළ යුතුයි"...

“කිරින්ද ඛනිජ වැලි නිධියෙහි කැණීම් කටයුතු රජයේ මැදිහත්වීමෙන් ක්‍රමවත්ව සිදු කළ යුතුයි” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

“කිරින්ද ඛනිජ වැලි නිධියෙහි කැණීම් කටයුතු රජයේ මැදිහත්වීමෙන් ක්‍රමවත්ව සිදු කළ යුතුයි” 
– කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

කිරින්ද ඛනිජ වැලි නිධියෙහි කැණීම් කටයුතු රාජ්‍ය සමාගමක් වන ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම මගින් සිදුකර එම ජාතික සම්පතෙහි ප්‍රතිලාභ ‘සෞභාග්‍යයේ දැක්ම’ අනුව යමින් ජාතියට දායාද කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

ඊයේ (27) හම්බන්තොට කිරින්ද වෙරළ තීරයේ පිහිටි එම ඛනිජ වැලි නිධිය අවට ප්‍රදේශවාසීන් සමඟ පැවති සාකච්ඡාවක දී ඒ මහතා මෙසේ පැවසීය.
අමාත්‍යංශයන්හි විෂය පථයන් වෙන් කර දෙමින් ජනාධිපතිතුමන් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය අනුව කර්මාන්ත කැබිනට් අමාත්‍යවරයාට ලබාදී ඇති සුවිශේෂී ප්‍රමුඛතා අතර මෙරට පවතින ඛනිජ සම්පත් සංවර්ධනය මෙන්ම නව ඛනිජ සම්පත් ගවේෂණය කරමින් ඒවායේ ඒවායින් දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නැංවීම ද වන අතර ඒ අනුව යමින් කිරින්ද ඛනිජ වැලි නිධිය ද ලංකා ඛනිජ වැලි සමාගම යටතේ ජාතියට තවත් ධන උල්පතක් ලෙස උරුමකර දීම තම අරමුණ බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙහිදී ප්‍රදේශවාසීන් පිරිසක් පෙන්වා දුන්නේ ඉන්දීය සමාගමක් මෙම ඛනිජ වැලි නිධියෙහි කැණීම් කටයුතු සිදු කර ප්‍රදේශවාසීන්ට ප්‍රතිලාභ ලබාදීමට සූදානම් බව ය. එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ ජාතික සම්පත් විදේශ සමාගම්වලට විකිණීම හෝ පවරා දීම තම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවන බව ය.  පරිසරයද සුරකිමින් ජනතාවට උපරිම ප්‍රතිලාභ ලැබෙන පරිදි රාජ්‍ය සමාගමක විශ්වාසය යටතේ කිරින්ද ඛනිජ වැලි නිධියෙහි කැණීම් කටයුතුවලට සහාය ලබාදෙන ලෙස අමාත්‍යවරයා එම පිරිසගෙන් ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවට කිරින්ද ප්‍රදේශවාසීන්ට කරුණු දැක්වීමට හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති, ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ සභාපති මුදිත විජේසිංහ, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීමට ඇමති හඳුන්නෙත්ති මෙල්බර් නුවරදිි සාකච්ඡා අරඹයි

ඕස්ට්‍රේලියානු ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් රැසක් ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා සූදානම් වේ: අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමඟ විශේෂ සාකච්ඡා වටයක් මෙල්බර්න් නුවරදී සාර්ථකව...

ආබාධිත රණවිරුවන් කොටස් දෙකකට වෙන් කිරීම මානව හිමිකම් උල්ලංඝනණය කිරීමක්- විපක්ෂ නායක සජිත්

රට දැය බේරා ගැනීම උදෙසා ඇස්හිස් මස් ලේ තම ශරීර අවයව මෙන්ම ජීවිත පූජා කළ අප රටේ වීරෝධාර රණවිරු ප්‍රජාව අප රටේ භෞමික අඛණ්ඩතාව,...

අගුලානට ආසන්න මුහුදේ දී ඩෝරා යාත්‍රාවක් අනතුරකට ලක්වෙයි

අඟුලානට ආසන්න මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා ඩෝරා යාත්‍රාවක් අනතුරට ලක් වෙයි. 11 ක් මුදා ගැනේ. මෙහෙයුම් සඳහා බෙල් 412 හෙලිකොප්ටර් යානයකුත් එක්වෙයි: නාවික හමුදාව.

ශිරාන් බාසික්ට පැය 72ක රැදවුම් නියෝග

ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන "ශිරාන් බාසික්" නැමත්තාට පැය 72 ක රැදවුම් නියෝග: පොලිසිය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img