කිරිඳි ඔයේ වැලි ජාවාරම
කිරිඳි ඔයේ අනවසර වැලි කැණීම් නිසා එහි ඉවුරු දැවැන්ත ලෙස ඛාදනය වන බවට “අද දෙරණ“ට වාර්තා විය.
ප්‍රදේශවාසීන් පවසන්නේ මේ පිළිබඳව නීතියකරවන පාර්ශ්ව කොතෙක් දැනුවන් කළද ඔවුන් මුනිවත රකින බවය.
කලක පටන් කිරිඳි ඔයේ නීති විරෝධී අයුරින් වැලි කැණීම් සිදුකරන බවට අපට තොරතුරු වාර්තා විය.
මේ හේතුවෙන් ඉවුරු අවට ජීවත්වන ජනතාවද දැඩි ලෙස පීඩාවට පත්ව සිටී.
මීට අමතරව ඉවුර ඛාදනය වීම හේතුවෙන් වැසිකිලි අපද්‍රව්‍ය ගඟට එකතු වන අයුරු එහි ගිය අපට දක්නට ලැබිණි.
ගං ඉවුර දෙපස, කිරින්ද පොලීසියට සහ වීරවිල පොලිස් වසම්වලට අයිති වුවද පොලීසියේ පූර්ණ ආශිර්වාදයෙන් මෙම අනවසර වැලි ජාවාරම සිදු වෙන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.
වැලි ජාවාරම්කරුවන් කිරිඳිඔය ගං ඉවුර දෙපස ඇති දැවැන්ත කුඹුක් ගස් හා වටිනා දැව ද කපා දමා තිබේ.
ඉවුර මහා පරිමාණයෙන් ඛාදනය වීම හේතුවෙන් ඉවුර දෙපස ඇති ගස් කිරිඳි ඔය මතට කඩා වැටී තිබුණු ආකාරය දැක ගතහැකි විය.
දැන්වත් බලධාරීන්ගේ අවධානය මේ දෙස යොමුවන තෙක් “අද දෙරණ“ අවධානයෙනි.






















