Wednesday, August 5, 2026
HomeNEWSකිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ දානමය පින්කම ජනපති සහභාගිත්වයෙන් ....

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ දානමය පින්කම ජනපති සහභාගිත්වයෙන් ….

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ අභිනවයෙන් ඉදිකළ දාන ශාලාව, ගිනි හල් ගෙය, ආවාස මන්දිරය සහ සක්මන් භාවනා උද්‍යානය විවෘත කිරීම නිමිත්තෙන් (11) දහවල් විහාරස්ථානයේ පැවති දානමය පින්කමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහභාගී විය. 

විහාරස්ථානයට පැමිණි ජනාධිපතිතුමා  පළමුව ආගමික වතාවත්වල නිරත විය.

අනතුරුව දානමය පින්කමට එක් වූ ජනාධිපතිතුමා මහා සංඝරත්නයට දානය පිළිගැන්වීය.

අදට යෙදී ඇති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ජන්ම දිනයට හා හෙටට යෙදී ඇති උන්වහන්සේගේ මෑණියන්ගේ ජන්ම දිනයට ආශිර්වාද කිරීම පිංකමේ තවත් අරමුණකි.

මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම, ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි සහ අමරපුර චූලවංශික මහා නිකායේ අනුනායක, කිරුළපන ඇලන් මැතිණියාරාම විහාරාධිපති පූජ්‍ය යෝගියානේ සෝභිත හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් දානමය පුණ්‍ය කර්මය පැවැත්විණ. 

මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ ජනාධිපතිතුමා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වූහ.

අමාත්‍ය සරත් වීරසේකර, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීමේ කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න යන මහත්වරු ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමඟ නව සාකච්ඡා ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලෝක බොරතෙල් මිල 5% කට ආසන්න ප්‍රමාණයකින් පහළට. බ්‍රෙන්ට් ‍ බොරතෙල් බැරලයක්...

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ.. පහත් බිම්වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා එහි ජලය මහවැලි ගඟට මුදා හැරීම හේතුවෙන් උලපනේ, ගෙලිඔය, ගම්පොළ, පේරාදෙණිය සහ කටුගස්තොට යන ප්‍රදේශවල ගඟ දෙපස...

පෙරහැරවලින් අලින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්- එජාප සභාපති වජිර

කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පළ කල අදහස්. විබෞද්ධකරණයට එරෙහිව...

මහර සිදුවීමේ අවශ්‍යතාවය බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි- අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

මහර බන්ධනාගාර සිද්ධිය කළ අයගේ අවශ්‍යතාවය වී තිබුණේ බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි. එවැනි සංවිධානාත්මක කුමන්ත්‍රණකාරින්ට විරුද්ධව පියවර ගන්න පැකිලෙන්නේ නැහැ. ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img