ඩුබායිහි සැඟව සිටින රත්මලාන කුඩු අංජු නැමැත්තාගේ මෙරට මුදල් කටයුතු පරිපාලනය සිදුකළ අඹු-සැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සතුව තිබූ රුපියල් ලක්ෂ 14ක මුදල් තොගයක් ද සොයාගෙන ඇත.
අතුරුගිරිය ඔරුවල සුඛෝපභෝගී දෙමහල් නිවසකදී සැකකාර යුවළ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු කුඩු අංජු නමැත්තාගේ ඥාති සහෝදරයකු බවත් පොලීසිය සඳහන් කරයි.
සැකකරු ත්‍රීරෝද රථයකින් ගොස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මුදල් එකතු කිරීම සිදුකර ඇති අතර පසුව කුඩු අංජු විසින් සුඛෝපභෝගී මොටර් රථයක් ඒ සඳහා ලබාදී ඇතැයි ද හෙළිවී තිබේ.
මත්ද්‍රව්‍යවලින් උපයා ගත් මුදල් ගණන් කිරීම සඳහා සැකකරුගේ බිරිඳ හවුල්වී තිබේ.
සැකකාර අඹු-සැමි යුවළ අතුරුගිරිය ප්‍රදේශයේ දී 2021 වසරේ ජූනි මස 03 වනදා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සමඟ අතුරුගිරිය පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ.
රත්මලාන ප්‍රදේශයේ වෙඩිතැබීමකට අදාළව 2020 අතරේදී ටී 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග සැකකරු අත්අඩංගුවට පත්වී තිබූ බවද අනාවරණය වී ඇත.
සැකකාර යුවළ වයස අවුරුදු 26 හා 32 අතර වයස්වල පසුවන්නන් ය.






















