Sunday, November 15, 2026
HomeNEWSLatest Newsකුරුණෑගල නගරාධිපතිට එරෙහි නඩුවේ නීතීඥ ගාස්තු ගෙවන්නේ කවුද ?.

කුරුණෑගල නගරාධිපතිට එරෙහි නඩුවේ නීතීඥ ගාස්තු ගෙවන්නේ කවුද ?.

කුරුණෑගල නගරාධිපතිට එරෙහි නඩුවේ නීතීඥ ගාස්තු ගෙවන්නේ කවුද ?

කුරුණෑගල නගර සභාව අද (13) රැස්වීමක් කැඳවා තිබුණද නගරාධිපතිවරයා නියමිත වේලාවට සභාවට නොපැමිණීම හේතුවෙන් එහි මන්ත්‍රීවරු ඊට අප්‍රසාදය පළ කරමින් පිටව ගියෝය.

නගර සභාව රැස්වීමට නියමිතව තිබූ වේලාවේ නගරාධිපතිවරයා රැදී සිටියේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩ භාරගැනීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයේය.

නගරාධිපතිවරයා එම උත්සවයේ පිළිගැනීමේ කතාව ද සිදුකළේය.

එම උත්සවයේ වැඩකටයුතු අවසන් වීමෙන් පසු දහවල් 12.10ට පමණ නගරාධිපතිවරයා සභාව වෙත පැමිණියේය.

එම අවස්ථාව වනවිට මන්ත්‍රීවරුන් රැසක් සභාවෙන් පිටව ගොස් සිටීම නිසා සභාවේ රැදී සිටි මන්ත්‍රීවරයකු යෝජනා කළේ සභාව කල් දමන ලෙසය.

අනතුරුව නගරාධිපතිවරයාද ඔහුට නියමිත වේලාවට පැමිණීමට නොහැකි වූ කාරණය පිළිබඳව පැහැදිලි කර සභාව කල් දමනු ලැබීය.

බුවනෙකබා ගොඩනැගිල්ලේ කොටසක් කඩා දැමීමේ සිද්ධියේ නඩුවට අදාළව කුරුණෑගල නගරාධිපතිගේ නීතීඥ ගාස්තුව නගර සභාව මගින් ගෙවීම අනුමත කරගැනීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබූ බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා චෝදනා කරයි.

මේ අතර කුරුණෑගල රාජධානි සමයේ බුවනෙක රජුගේ රාජසභා මණ්ඩපය බව සැලකෙන ගොඩනැගිල්ලේ කොටසක් කඩාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතාට එරෙහිව පැවරූ නඩුව අද (13) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවිය.

එහිදී නඩුව සැප්තැම්බර් 04 දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මින් පෙර වරෙන්තුවක් නිකුත් කර තිබුණත් අගෝස්තු 24 වැනි දා දක්වා එය ක්‍රියාත්මක නොකරන ලෙසට අභියාචනාධිකරණය ඊයේ (12) නියෝග කළේය..

මේ අතර ඊයේ (12) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ අද දින කුරුණෑගල නගර සභාව රැස්වී නගරාධිපතිවරයාට එරෙහිව ඇති නඩුවේ නීතීඥ ගාස්තු ගෙවීම සඳහා රුපියල් ලක්ෂ 44කට අධික මුදලක් අනුමත කරගැනීමට සූදානම් වන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img