Friday, August 14, 2026
HomeNEWSකූරගල පුරාවිද්‍යාත්මක ස්ථානය සංරක්ෂණයට රජය පියවර රැසක්

කූරගල පුරාවිද්‍යාත්මක ස්ථානය සංරක්ෂණයට රජය පියවර රැසක්

කූරගල පුරාවිද්‍යාත්මක ස්ථානය සංරක්ෂණයට රජය  පියවර රැසක්  ගෙන තිබෙන බව ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අද පාර්ලිමේන්තුවේදී කූරගල පුදබිම පිළිබද විමසූ අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේබව පැවසීය.

එසේම මෙම ස්ථානය ප්‍රාග් ඓතිහාසික වැදගත්කමක්ද පවතින බවත් වසර 16000කට වඩා පැරණි ඇටසැකිලිලක් හමුවී ඇතිබවත්,යම් ආකාරයක අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබූ බැවින් එය සමනය කොට මේ සියලු කාරණා කෙරෙහි අවධානය යොමු කරමින් සංරක්ෂණ කටයුතු සිදුකරන බවත් වැඩිදුරටත් පැවසීය.

“2013 වසරේදී එවකට ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් කූරගල තිබූ  මුස්ලිම් ජනතාව වැදුම්පිදුම් කරන අනවශ්‍ය ගොඩනැගිලි ඉවත් කරනලදී. නමුත් ලෙනට සම්බන්ධ ඉදිකිරීමක් තවමත් පවති.

කූරගල සංරක්ෂණය සදහා ව්‍යාපෘති සැලැස්මක් ඉදිකිරීම,ඉහළ චෛත්‍ය සදහා ප්‍රවේශ මාර්ගය සකස් කිරීම ,භූගත විදුලි සැපයුමක් ලබා දීම,චෛත්‍ය අසළ වැලි මලුවක් සකස් කිරීම ,2019 වසරේදී කූරගල වටද්දර ලෙනට භික්ෂුන් වහන්සේ කෙනෙක් වැඩම කිරීම නිසා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු කිරීම සිදුකොට ඇත.” යැයිද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එසේම 2020 වසරේ අස්ගිරි පාර්ශවයේ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් චෛත්‍යයක් ඉදිකිරීම සදහා පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවෙන් කළ  කළ ඉල්ලීම පුරාවිද්‍යා උපදේශක සභාවෙන් අනුමත කර අවසර ලබා දීමත් සිදුකර ඇති බවත් මෙම පුදබිම සංරක්ෂණය හැකි සෑම පියවරම ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එදා සමාජවාදී ජවිපෙ අද ධනවාදී වෙලා- විපක්ෂ නායක සජිත්

එදා සමාජවාදී ජවිපේ අද ධනවාදී වෙලා ජනතාව කරපිට බදු පිට බදු ගහනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ කිඹිහුමටත් පාරට...

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපති එරික් මෙයර්

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිවරයා ලෙස එරික් මෙයර් නිල වශයෙන් දිවුරුම් දෙයි: ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය .

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ගුණ සැමරේ

​​හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන ගුණසමරුව පැවැත්වෙයි හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන අනුස්මරණය වෙනුවෙන් සංවිධානය කරන ලද දානමය පිංකම...

22කට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ජාත්‍යන්තරයට

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ (12) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ (කොළඹ) බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ පැට්ට්‍රික් (Andrew Patrick) මහතා හමුවීමෙන් පසු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍යයට දැක්වූ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img