Wednesday, August 26, 2026
HomeNEWSකෙන්යානු රජයට එරෙහි විරෝධා දැඩි වෙයි... ගැටුම්වලින් 31 දෙනකු මරුට.

කෙන්යානු රජයට එරෙහි විරෝධා දැඩි වෙයි… ගැටුම්වලින් 31 දෙනකු මරුට.

කෙන්යානු රජයට එරෙහිව රටපුරා පැවති විරෝධතා අතරතුර පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 31 දෙනෙක් මියගොස් තිබේ.ගැටුම් ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබුණේ ඒවා මර්දනයට පොලීසිය මැදිහත්වීමත් සමගයි.ඊයේ (08) දිනයේදී කෙන්යාව පුරා දැවැන්ත විරෝධතා මාලාවක් පැවැත්වුණි.ඒ 1990 වසරේදී එවක පැවති ඒකාධිපති පාලනයට එරෙහිව පැවැති ‘සබා සබා’ විරෝධතාවේ 35 වැනි සංවත්සරය නිමිත්තෙනි.නයිරෝබි අගනුවර ඇතුළු කලාප කිහිපයකම පැවති මෙම රැලි පසුව, මහජන විරෝධතා බවට පත්වූයේ ඔවුන් වත්මන් ජනාධිපති විලියම් රූටෝ ට එරෙහිව විරෝධතා ක්‍රියාත්මක කිරීම හේතුවෙනි.මෙහිදී ඔවුන් බලකර සිටියේ මෑතකාලීනව පැවති රාජ්‍ය විරෝධී ඒකරාශීවීම් මර්දනයට දැඩි පියවර ගත් ජනාධිපතිවරයා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවටය.එහිදී පිරිස මර්දනයට පොලීසිය මැදිහත්වූ පසු දෙපිරිස අතර ගැටුම් හටගත් අතර, ඔවුන් විසුරුවාහැරීමට කඳුළු ගෑස් ප්‍රහාර පවා එල්ල කිරීමට පොලීසිය පියවර ගත්තේය.පිරිස මියගොස් තිබුණේ එහිදීය. ගැටුම් අතරතුර පොලිස් නිලධාරීන් 52 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.නැට්1990 වසරේ ජූලි 7 වැනිදා කෙන්යාවේ විරෝධතා ආරම්භ වූයේ එවක පැවති ජනාධිපති ඩැනියෙල් මෝයිගේ ඒකාධිපති පාලනයට එරෙහිවය.එය පෙරළා දමා බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් පිහිටුවීම විරෝධතාකරුවන්ගේ අරමුණ වුණි.එම විරෝධතාව ‘සබා සබා’ ලෙස නම් කෙරුණේ කෙන්යානු බසින් ‘හත හත’ යන අරුතින් යුතුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නේපාලයේ නාය යෑමක්.. 384 ක් අතුරුදන්

නේපාලයේ නාය යෑමෙන් සංචාරකයන් ඇතුළු 384 ක් අතුරුදන් බවට තොරතුරු. ඉන් 291 ක් විදෙස් සංචාරකයන් වන අතර 93 ක් නේපාල ජාතිකයන් බව විදෙස් මාධ්‍ය...

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් මියයයි

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් (80) පිළිකා රෝගයක් හේතුවෙන් මියයයි - විදෙස් මාධ්‍යය.

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති රණවිරුවන්ගේ සුබසාධනය සහ ගෞරවය සුරැකීම යුද්ධ හමුදාවේ අඛණ්ඩ වගකීමක් ලෙස සලකමින්, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත...

සෑම පෙත්සමකින්ම ඉල්ලා සිටින්නේ ජනමත විචාරණයක්- ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (25) පෙරවරුවේ කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ඊයේ නීතිඥ සංගමයේ කාර්යාලය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img