බංග්ලාදේශ ක්රිකට් කණ්ඩායම සමග පැවති තුන්වෙනි එක්දින ක්රිකට් තරඟයෙන් ලකුණු 99ක ජයක් ශ්රී ලංකා කණ්ඩායම ලබා ගත්තේය. පන්දුවාර පනහ තුළදී ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 285ක් රැස් කර අතර සියලු දෙනා දැවී බංගලාදේශ කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 186ක් පමණි. මේ අනුව 2-1ක් ලෙස එක්දින තරඟාවලිය ජය ගැනීමට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සමත් විය.03 වන එක්දින තරගයෙන් ශ්රී ලංකාවට ලකුණු 99 ක ජයක්. 2 – 1 ලෙස තරගාවලියත් ජයගනී. ශ්රී ලංකාව: 285/7 (50), බංග්ලාදේශය: 186/10 (39.4), අසිත:33/3, දුෂ්මන්ත:51/3, දුනිත්:33/2, වනිඳු:35/2.






















